අප්‍රේල් මාසයේ දී ඩොලර් මිලියන 353කින් සංචිත වත්කම් පහළට. විදෙස් මුදල් සංචිතය පහළ බසිද්දී රන් සංචිතය ඉහළට

    May, 9, 2020

    2020 මාර්තු 31 දින වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 7,533.74 ක් ලෙසින් පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචිත වත්කම් ප්‍රමාණය 2020 අප්‍රේල් 30 දින වන විට ඩොලර් මිලියන 7,179.9 ක් දක්වා ඩොලර් මිලියන 353.84 කින් පහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

    මෙම මාසයක කාලපරිච්ඡේදය තුළ දී ඩොලර් මිලියන 7,125.38 ක්ව පැවති විදේශ ව්‍යවහාර මුදල් සංචිතය ඩොලර් මිලියන 6,744.1 ක් දක්වා ඩොලර් මිලියන 381.28 කින් අඩු වී ඇත.

    මේ අතර රන් සංචිතය ඩොලර් මිලියන 339.71 සිට ඩොලර් මිලියන 369 ක් දක්වා පසුගිය අප්‍රේල් මාසය තුළ දී ඩොලර් මිලියන 29.29කින් වර්ධනය වී තිබේ.

    2020 අප්‍රේල් 30 දින වන විට පැවති නිල සංචිත වත්කම් ප්‍රමාණය පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.