අප්‍රේල් මාසයේ දී රු. බිලියන 4 ක් ක්‍රෙඩිට් කාඩ්වලින් වියදම් කරලා

    June, 11, 2018

    ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 2018 අප්‍රේල් මාසය අවසානයේ දී ගෙවීමට ඇති මුළු හිඟ මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 93,523 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ.

    මෙම හිඟ මුදල් ප්‍රමාණය 2018 මාර්තු මාසය අවසානයේ දී රුපියල් මිලියන 89,375 ක් ලෙසින් වාර්තා වූ අතර මේ අනුව අප්‍රේල් මාසය තුළ දී පමණක් රුපියල් මිලියන 4,148 කින් එය ඉහළ ගොස් තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 2018 අප්‍රේල් මාසය අවසානයේ දී මෙරට සක්‍රීය මුළු ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1,519,303 ක් බවයි. 2018 මාර්තු මාසය අවසානයේ දී වාර්තා වි තිබුණු ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 1,502,710 ක් ලෙසින් සටහන් වන අතර මේ අනුව අප්‍රේල් මාසය තුළ දී පමණක් නව ක්‍රෙඩිට් කාඩ්පත් 16,593 ක් මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් අලුතෙන් නිකුත් කර තිබේ.