April, 8, 2022
ආර්ථිකයේ කෙළ පැමිණි විශේෂඥයින් ලෙස සිතමින් කිසිවකුට සවන් නොදී සිටීමෙන් වන්නේ විනාශයක් බවත්, වැදගත්ම කාරණය නම් අප උද්දච්ච නොවී සිටීම බවත් හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. අද (08) පෙරවරුවේ දෙරණ ‘Big Focus‘ සජීවි සංවාදාත්මක වැඩසටහන සමඟ එක්වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ගෝලීය ණය ශ්‍රේණගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය සම්බන්ධ තීරණ ප්‍රකාශ කිරීමේ දී ඔවුන්ට විරුද්ධව ප්‍රකාශ නිකුත් කිරීම නිශ්ඵල කටයුත්තක් බවයි.
මම හිතන්නේ ඉතාමත් වැදගත් දේ තමයි අපි උද්දච්ච නොවිය යුතුයි. අපි තමයි මෙකේ කෙළ පැමිණි විශේෂඥයෝ කියලා හිතාගෙන අනිත් කාටත් ඇහුම්කන් නොදී ගියොත් විනාශයි.
ඔව් මටත් එහෙම හිතෙනවා. මට මතකයි මම අවුරුද්දකට ඉස්සෙල්ලා ඒ සම්බන්ධ අයත් එක්ක කතා කරද්දි අපේ ඇඟට කඩන් පැන්නා IMF ගියොත් මම ඉන්න නෑ. ඒ වගේ තමයි කතා කරේ.
ඒ හින්දා ඒ ඔක්කොමත් එක්ක අද වන විට අපි කතා තරනකොට මම කිවවා IMF නොගියට කමක් නෑ. විකල්පයක් කියන්න.
විකල්පය අපට දැනෙන්නට ඕන, සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන්නට ඕන, Business community එකට දැනෙන්නට ඕන, Banking Community එකට දැනෙන් ඕන, Rating agencies වලට දැනෙන් ඕන.
ඒක දැනෙන්නේ නැත්තන් විකල්පයක් නෙවෙයි. ඉතින් එහෙම දැනුනනේ නෑ.
ඒකනේ ප්‍රශ්නේ දැන් මේ මගේ diabetes බලනකොට හැමදාම හොදට සීනී අරගෙන ගිහිල්ලා diabetes එකේ report එනකොට laboratory එකට බැනලා වැඩක් නෑනේ.
හැම සැරේම අපේ ආර්ථිකේ තව තවත් දුර්වල වෙනකොට රේටින් ඒජන්සීස් වලින් ඇවිල්ලා current ratings කියනකොට Rating agencies වලට විරුද්ධව අපි ප්‍රකාශ ඉදිරිපත් කරනවා.
Video Story