අපේ අළුත්ම ආර්ථික වර්ධන දත්ත එළියට

    March, 17, 2014

    පසුගිය වසරේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය 2012 වසරට සාපේක්ෂව සියයට 7.3 කින් වර්ධනය වූ බවත් පසුගිය හතරවන කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය සියයට 8.2 කින් වර්ධනය වූ බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නවතම දත්ත ඉදිරිපත් කරමින් කියයි.

    මේ අනුව, පසුගිය හතරවන කාර්තුවේදී කෘෂි කර්මාන්ත අංශය සියයට 10.4  කද, කර්මාන්ත අංශය සියයට 10.7 කද, සේවා අංශය සියයට 6.5 කද වර්ධනයක් ලබා තිබේ.

    2013 වසරේදී කෘෂි කර්මාන්ත අංශය සියයට 4.7 කින්ද, කර්මාන්ත අංශය සියයට 9.9 කින්ද සේවා අංශය සියයට 6.4 කින්ද වර්ධනය වී ඇත.