අපේ ආර්ථිකයේ අළුත්ම වර්ධනය මෙන්න!

    June, 16, 2015

    මෙරට ආර්ථිකය මේ වසරේ පළමු කාර්තුවේදී සියයට 6.4 කින් වර්ධනය වී තිබෙන බවත් දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට (GDP) අඩකට වඩා දායක වී තිබෙන්නේ සේවා අංශ බවත් ජන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    2014 වසරේ පළමු කාර්තුව සමග සැසඳීමේදී මේ වසරේ පළමු කාර්තුවේදී තේ නිෂ්පාදනය සියයට 7.1 කින්ද, අනිකුත් ආහාර බෝග නිෂ්පාදනය සියයට 4.9 කින්ද, පොල් නිෂ්පාදනය සියයට 2.6 කින්ද වර්ධනය වී තිබේ.

    මීට අමතරව, නිෂ්පාදන අංශයේ (manufacturing) සියයට 6.6 ක වර්ධනයක්ද, විදුලිය, ගෑස්, ජලය යන අංශය සියයට 9.5 ක වර්ධනයක්ද, ඉදිකිරීම් අංශය සියයට 4.1 ක වර්ධනයක්ද, තොග සහ සිල්ලර වෙළඳාම (wholesale and retail trade) සියයට 11.9 ක වර්ධනයක්ද, ප්‍රවාහන සහ සන්නිවේදන අංශය සියයට 4.0 ක වර්ධනයක්ද, බැංකු සහ රක්ෂණ ක්ෂේත්‍රය සියයට 5.8 ක වර්ධනයක්ද, රජයේ සේවා අංශය සියයට 6.9 ක වර්ධනයක්ද ලබා ඇත.

    2015 පළමු කාර්තුවේදී රබර් සහ ධීවර කර්මාන්ත වර්ධනය කඩා වැටී තිබේ.