අපේ ජාත්‍යන්තර බැඳුම්කරයට වැඩිම ඉල්ලුම ඇමරිකාවෙන්

    April, 8, 2014

    ශ්‍රී ලංකාව විසින් ඩොලර් මිලියන 500 ක් රැස්කර ගැනීම සඳහා සිදුකළ වසර පහේ ජාත්‍යන්තර බැඳුම්කරයට 08 ගුණයක පමණ ඉල්ලුමක් ඇතිවී තිබෙන අතර එහි පොලී අනුපාතය සියයට 5.125 ක් ලෙස තීරණය වී ඇත.

    පසුගිය ජනවාරි මාසයේදී ඩොලර් මිලියනයක් රැස්කර ගැනීම සඳහා ලංකාව නිකුත් කළ බැඳුම්කරයේ පොලිය සියයට 6.0 ක් විය.

    මෙවර බැඳුම්කරයෙන් සියයට 46 ක් ඇමරිකානු ආයෝජකයින්ද සියයට 32 ක් ආසියානු ආයෝජකයින්ද සියයට 22 ක් යුරෝපීය ආයෝජකයින්ද මිලදී ගෙන ඇත.