අපේ විදේශ සංචිතය ටික ටික දියවෙයි

    February, 26, 2015

    2014 දෙසැම්බර් මාසය වනවිට ඩොලර් මිලියන 8,208 ක මට්ටමක තිබූ මෙරට නිළ විදේශ සංචිතය (official foreign reserves) 2015 ජනවාරි මාසය වනවිට ඩොලර් මිලියන 7,261 ක් දක්වා පහත බැස තිබෙන බව රජයේ නවතම දත්ත මගින් අනාවරණය වේ.

    මෙරට විදේශ සංචිතය 2014 අගෝස්තු මාසය වනවිට ඩොලර් මිලියන 9,200 ක් තරම් ඉහළ අගයක පවා පැවතුණි.
    විශ්ලේෂකයින් විසින් පසුගිය වසර අගදී පැවසුවේ විදේශ සංචිතය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් පොලී අනුපාත ඉහළ යෑමට මහ බැංකුව විසින් අවස්ථාව ලබාදිය යුතු බවයි.

    කෙසේවෙතත්, වාණිජ බැංකුවල පොලී අනුපාතය තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත මේ පෙබරවාරි මාසයේදීත් වෙනස් නොකිරීමට මහ බැංකුව කටයුතු කළ අතර රුපියල කෙරෙහි මේ වනවිට පීඩනයක් ඇතිවී නොමැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ පැවසීය.