අභය සහ සමාගමේ දිරි බලයෙන් “Sri Lanka Super Series 2017” ඇරඹෙයි

    March, 8, 2017

    ජයග්‍රාහී ධාවකයාට සහ පැදිකරුවාට බ්‍රෑන්ඩ් නිව් මෝටර් රථයක් සහ යතුරු පැදියක්

    2017 වසරේ මෝටර් රථ ධාවන තරඟ සමයේ ආරම්භය සටහන් කරමින් වසර පුරා පැවැත්වෙන මෝටර් රථ ධාවන තරඟ 6 කින් සමන්විත “Sri Lanka Super Series 2017” මේ වසරේදී ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ශ්‍රීලංකා මෝටර් රථ ධාවකයින්ගේ සහ පැදිකරුවන්ගේ සංගමය (SLARDAR)ආසියානු මෝටර් ධාවක සමාජය (AMRC)එක්ව සංවිධානය කරන මෙම ඉසව්ව සඳහා අනුග්‍රහාක දායකත්වය සපයන්නේ අභය සහ සමාගම විසිනි. USHA පිස්ටන්ස් සහ SPR පිස්ටන් රිංග්ස් මෙරට බෙදාහරිනු ලබන්නේ අභය සහ සමාගම විසිනි.

    Sri Lanka Super Series 2017 තරඟ 6කින් සමන්විත වෙයි. මේ අතරින් කටුකුරුන්ද ධාවන තරඟාවලිය 2017 මාර්තු 18 සහ 19 දිනවලදී පැවැත්වීමට නියමිතව තිබේ. අප්‍රේල් 21 සහ 22 ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් තරඟාවලියද, මැයි 7 සහ 8 යන දිනවල කලම්බු සුපර්ක්‍රොස් තරඟාවලිය ද, ජුලි 1 සහ 2 යන දිනවල කැවුලරි සුපර් ක්‍රොස් තරඟාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබේ. තවද කමාන්ඩෝ සුපර් ක්‍රොස් තරඟාවලිය පැවැත්වෙන්නේ ජුලි 15 සහ 16 වන දින වල දීය.සැප්තැම්බර් 9 සහ 10 යන දිනවල පන්නල ධාවන පථයේ පැවැත්වෙන තරඟාවලියෙන් මෙම ධාවන තරඟ නිමාවට පත්වන අතර ජයග්‍රාහකයින්ට සම්මාන ප්‍රදානය කිරීම දෙසැම්බර් 2 වනදා සිදුකෙරේ.

    මෙම තරඟාවලි 6 තුළදී මෙරට හොඳම ධාවකයින් සහ පැදිකරුවකන් තරඟ වැදීමට නියමිත අතර ඔවුන් අතරින් දක්ෂතම ධාවකයා සහ පැදිකරු වසර අවසානයේදී තෝරා ගනු ලැබේ. දක්ෂතම ධාවකයාට KIA Motors Lanka Limited හා විෂන් කෙයාර් ඒකාබද්ධව බ්‍රෑන්ඩ් නිව් KIA Picanto රථයක් පිරිනැමෙයි. එමෙන්ම ජයග්‍රාහී පැදිකරුට ස්ටැෆර්ඩ් මෝටර්ස් වෙතින් බ්‍රෑන්ඩ් නිව් Honda Hornet යතුරු පැදියක් පිරිනැමීමට ද සැලසුම් කර තිබේ.

    මෙම සියලු ත්‍යාග සහ සම්මාන දෙසැම්බර් 2 වනදා අත්තිඩිය ඊගල්ස් ලේක් සයිඩ් උත්සව සහ සම්ම්න්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන සම්මාන ප්‍රදානෝත්සවයේදී සිදුකිරීමට නියමිතය.

    Sri Lanka Super Series 2017 සඳහා ආයතන රැසක් සහයෝගය දක්වන අතර ප්‍රතිසාධන සහකරු ලෙස Jeep ඉදිරිපත්ව ඇති අතර තරඟාවලි ඉතිහාසයේ ප්‍රථම වතාවට වයස අවුරුදු 16 න් පහළ, 13න් පහළ,10න් පහළ යතුරු පැදි තරඟ සඳහා ඉදිරිපත් වන සියලු පැදිකරුවන්ට ලිපි ද්‍රව්‍ය ත්‍යාග වශයෙන් ලබාදීමට ProMate කැමැත්ත පළ කර තිබේ.

    Sri Lanka Super Series 2017 නිල වශයෙන් දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ශ්‍රීලංකා මෝටර් රථ ධාවකයින්ගේ සහ පැදිකරුවන්ගේ සංගමයේ (SLARDAR) සභාපති නිෂාන් වාසලතන්ත්‍රී සඳහන් කළේ මෙරට මෝටර් රථ ධාවන තරඟ සහ යතුරු පැදි තරඟ ක්ෂේත්‍රයේ වර්ධනයට පුළුල් අවස්ථාවක් විවර කර දෙමින් මෙවර ද අති සාර්ථක අන්දමින් Sri Lanka Super Series පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. මෙරට පැවත්වෙන ප්‍රමුඛතම තරඟාවලිය වන Sri Lanka Super Series වෙතින් වටිනා ත්‍යාග පිරිනැමිම මඟින් මෙරට මෝටර් රථ හා යතුරු පැදි ධාවකයින් දිරිගැන්වීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.සෑම තරඟාවලියක් සඳහාම අති විශාල නරඹන්නන් පිරිසක් පැමිණෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව සඳහන් කළ වාසලතන්ත්‍රී මහතා පෙන්වා දුන්නේ ජයග්‍රාහකයින් සඳහාද ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනු ඇති බවයි. ක්‍රීඩකයින් දක්ෂතා දක්වන තාක්කල් ක්‍රීඩාවක පැවැත්ම රඳා පවතින බව පෙන්වා දුන් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ SLARDAR හා AMRC ඒකාබද්ධව කටයුතු කිරීම මඟින් මෙම වසර තුළ මෝටර් රථ ධාවන ක්‍රීඩාව සහ යතුරු පැදි ධාවන ක්‍රීඩාව ඉහලට ඔසවා තැබීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.