August, 1, 2019
පසුගිය වසර කිහිපය තුළ, අභ්‍යන්තර ගුවන් සේවය වැඩිදියුණු කිරීමට රජය විසින් පියවර මාලාවක් ගෙන ඇත. ඒ යටතේ මඩකලපුව ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමටත් රත්මලාන ගුවන්තොටුපොළේ සිවිල් ගුවන්සේවා පහසුකම් වැඩිදියුණු කිරීමටත් කටයුතු කර ඇති අතර පලාලි ගුවන්තොටුපොළ වැඩිදියුණු කිරීමට ද පියවර ගනිමින් ඇත.
ඒ අනුව අදාළ ප්‍රමිතීන්ට අනුකූලව විදේශීය ගමනාන්තයන් වෙත පියාසර කෙරෙන කලාපීය වාණිජ ගුවන්සේවා මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා එම ගුවන්තොටුපොළවල් සහතිකකරණය කරන ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියට උපදෙස් දීම සහ එම ගුවන්තොටුපොළවල නිත්‍යානුකූල කාර්යයන් සිදු කිරීම වෙනුවෙන් දේශසීමා පාලන විධිවිධාන සකස් කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story