සංචාරක කර්මාන්තයට දිරි දීමක් වශයෙන් එක් ගමන් වාරයක් සඳහා ඇමරිකන් ඩොලර් 100-150ක උපරිම ගාස්තුවක් මත තෝරාගත් ගමනාන්ත කරා නියමිත කාල සටහනක් යටතේ රට අභ්‍යන්තර ගුවන්ගමන් සේවා ක්‍රියාත්මක කිරීම සඳහා අභ්‍යන්තර ගුවන්සේවා සමාගම් තෝරාගෙන එකී ගුවන්ගමන් වාරවලදී දැරීමට සිදු වන වියදම හා ආදායම අතර වෙනසක් ඇතොත් එම වෙනස පියවීම සඳහා වන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය සඳහා වන ජාතික නියෝජිතායතනය විසින් සකස් කර ඇති ආකෘතිය තුළ තෝරාගත් ගුවන්සමාගම් විසින් ඉදිරි වර්ෂය සඳහා සවිස්තරාත්මක මෙහෙයුම් සංඛ්‍යාලේඛන සහ ව්‍යාපාරික සැලැස්ම ඉදිරිපත් කිරීමට යටත්ව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් එකී සමාගම් සමග ශක්‍යතා පරතර පියවීමේ අරමුදල් සැපයීමේ ගිවිසුම්වලට එළඹීම පිණිස අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඡායාරූපය - Cinnamon Air