අභිනව මුදල් මණ්ඩලයේ නවතම පොලී තීරණය මෙන්න!

    January, 27, 2015

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙසින් පත්වූ අර්ජුන මහේන්ද්‍රන් මහතා සහ නව මහා භාණ්ඩාගර ලේකම් ආර්.එච්.එස් සමරතුංග මහතාද ප්‍රමුඛව රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ නව මුදල් මණ්ඩලය තීරණය කර තිබෙන්නේ වාණිජ බැංකුවල පොලී අනුපාතය තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය මේ ජනවාරි මාසයේදී නොවෙනස්ව තබා ගැනීමටයි.

    උද්ධමන අනුපාතය සියයට 04 කට අඩු මට්ටමක පැවතීම නිසා ඉදිරියේදී ඉල්ලුම වැඩිවීමේ අවස්ථාවක් තිබුණත් සැපයුම් අංශයේද වර්ධනයක් දකින්නට ඇතැයි මහ බැංකුව සඳහන් කර ඇත.

    වර්තමාන රජය විසින් පසුගියදා ඉන්ධන මිල විශාල ලෙස අඩුකිරීමත් දින 100 වැඩසටහන මගින් ඉදිරියේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩුකිරීමත් හේතුවෙන් උද්ධමනය තවදුරටත් අඩුවනු ඇතැයි මහ බැංකුව උපකල්පනය කර තිබේ.

    පවතින අඩු පොලී අනුපාතය යටතේ වාණිජ බැංකු වෙතින් ලබාගන්නා ණය ශක්තිමත් ලෙස වර්ධනය වෙමින් තිබෙන බවත් පසුගිය නොවැම්බර් මාසයේදී පුද්ගලික අංශය බැංකු වලින් ලබාගත් ණය 2013 නොවැම්බර් මාසයට සාපේක්ෂව සියයට 6.5 කින් වර්ධනය වී ඇති බවත් සඳහන්ය.

    මේ අනුව, පසුගිය ජනවාරි සිට නොවැම්බර් දක්වා පුද්ගලික අංශය බැංකු ක්‍රමයෙන් රුපියල් බිලියන 147.6 ක ණය ලබාගෙන ඇත.

    මෙම තත්ත්වයන් සැලකිල්ලට ගෙන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත සියයට 6.50 ක් සහ සියයට 8.00 ක් ලෙස මේ ජනවාරි මාසයේදී නොවෙනස්ව තබාගැනීමට මහ බැංකුව තීරණය කර තිබේ.khgff

    Video Story

    Stock Market

    Exchange Rates