අයහපත් කාලගුණය, කටුනායකට ආ ගුවන් යානා දෙකක් මත්තලට හරවයි

    August, 8, 2019

    කටුනායක ගුවන්තොටුපොළ අවට ප්‍රදේශයට තිබු අයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළට පැමිණෙමින් තිබු ගුවන්යානා දෙකක් අද අළුයම (08)  මත්තල ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබේ.

    මෙසේ  මත්තලට ගුවන්තොටුපළට ගොඩ බස්වා ඇත්තේ කටාර් සිට පැමිණි QR 662 ක දරන මගී ප්‍රවාහන ගුවන්යානය සහ සෞදි අරාබියේ සිටි පැමිණි E 9503 දරන මගී ප්‍රවාහන ගුවන්යානයයි.

    මෙහිදී කටාර් සිට පැමිණි QR 662 ගුවන්යානය අළුයම 3.16 ට පැමිණ අළුයම 5.12 ට නැවත කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොස් ඇති අතර සෞදි අරාබියේ සිටි පැමිණි E 9503 ගුවන්යානය අළුයම 3.23 ට පැමිණ අළුයම 4.47 ට පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.