අයිකොනික් ගැලැක්සි නිවාස සංකීර්ණයට ඉහල ඉල්ලූමක්

    May, 8, 2018

    රාජගිරියේ පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයක් වන අයිකොනික් ගැලැක්සි හි නිවාසවලින් සියයට 50 ක් මේවන විට අලෙවි වී අවසන්  බව දේපල සංවර්ධනයේ පුරෝගාමී සමාගමක් වන අයිකෝනික් ඩිවලපර්ස් නිවේදනය කරයි. සුඛෝපභෝගී තට්ටු නිවාස සදහා පවතින ඉල්ලූම උච්චාවචනය වන අවස්ථාවක අයිකොනික් ගැලැක්සි හි නිවාසවලට මෙම ඉහල ඉල්ලූම ඇතිවීම විශේෂයි.

     

    නිවාස 261 කින් සමන්විත මෙම අති සුඛෝපභෝගි නිවාස සංකීර්ණයේ අඩක් අලෙවී වී ඇත්තේ මස 14 වැනි කෙටි කාලයක් තුලයි. රාජගිරිය ප‍්‍රදේශයට නව කලඑළියක් ගෙනදෙමින් ඉදිකෙරෙන අයිකොනික් ගැලැක්සිි නිවාස සංකීර්ණය, 2021 වසරේ නොවැම්බර් මාසයේදී අවසන් කිරීමට නියමිතයි.

     

    අයිකොනික් ඩිවලපර්ස් සමාගමේ විධායක අධ්‍යක්‍ෂ ප‍්‍රනාව් දේසායි මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප‍්‍රකාශ කරන්නේ උසස් ප‍්‍රමිතියේ වැඩි ඉඩකඩ ඇති නිවාස සංකීර්ණ සදහා ඉල්ලූමක් පවතින බවයි. ඒ සදහා රාජගිරිය ප‍්‍රදේශයේ පවතින තත්ත්වය නිසි ලෙස යොදාගනිමින් නව නිවාස සංකීර්ණය නිර්මාණය කළ බවත්, පාරිභෝගිකයන්ගේ සැබෑ අවශ්‍යතා හදුනාගනිමින් සිය ව්‍යාපෘති සැලසුම් කරන බවත්, ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

     

    "මෙම නිවාස සංකීර්ණයට ලැබී ඇති ඉහල ඉල්ලූම පිළිබ`ද අපි ඉතා සතුටට පත්වනවා. වේගවත් අලෙවිය අපේ උනන්දුව වැඩිකර තිබෙනවා. රාජගිරිය ප‍්‍රදේශයේ අලූතෙන් ඉදිකෙරෙන නවතම නිවාස සංකීර්ණයක වාසය කිරීමේ අද්වීතීය අවස්ථාවක් අයිකොනික් ගැලැක්සිි මගින් උදාකර තිබෙනවා. " ප‍්‍රනාව් දේසායි මහතා පෙන්වාදුන්නේය.

     

    වර්ග අඩි 87,000ක පැතිර ඇති අයිකොනික් ගැලැක්සිි නිවාස සංකීර්ණය කාමර හතර, කාමර තුන සහ කාමර දෙකේ අධි සුඛෝපභෝගි නිවාස වලින් සමන්විත වේ. රාජගිරියේ පිහිටි මාර්ග දෙකකින් මෙම නිවාස සංකීර්ණයට ලගාවිය හැකි අතර බුත්ගමුව පාර ප‍්‍රධාන පිවිසුම් මාර්ගයයි.  කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පිවිසෙ අධිවේගි මාර්ගය, කොළඹ වරාය සහ දක්‍ෂණ අධිවේගි මාර්ගයට පහසුවෙන් ලගාවිය හැකි ප‍්‍රදේශය පිහිටා ඇති අයිකොනික් ගැලැක්සිි නිවාස සංකීර්ණයේ, විශාල මොටර් රථ ගාල් කිරීමේ අංගනයක්, කිසිදු හිරිහැරයක් නොවන ලෙස පොළොව යටින් යොදන ලද කේබල්, 100‍්‍ර ක විදුලි ගබඩා කළ විදුලි හා ජල සැපයුම් සේවාවකින් සමන්විත වේ.