අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා න්‍යායේ ලියැවිල්ලක් යූරෝ මිලියන 11කට අලෙවි වෙයි

    November, 24, 2021

    ඇල්බට් අයින්ස්ටයින් විසින් ඔහුගේ සාපේක්ෂතා න්‍යාය සකස් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ දී සටහන් තැබූ ගණනය කිරීම් සහිත අත්පිටපතක් වෙන්දේසියක දී යුරෝ මිලියන 11 (පවුම් මිලියන 9.7, ඩොලර් මිලියන 13) කට අලෙවි වී ඇත.

    පැරිසියේ Christie's ඔක්ෂන් හවුස් හිදී මෙම අලෙවිය සිදුව ඇති අතර එය විද්‍යාත්මක ලියවිල්ලක් සඳහා මෙතෙක් ඉතිහාසයේ නියම වී ඇති ඉහළම මිල ලෙසින් වාර්තා  වේ.

    මෙම පත්‍රිකාව ඇල්බට් අයින්ස්ටයින්ගේ විශිෂ්ට විද්‍යාත්මක දියුණුව පිළිබඳ ඔහුගේ ක්‍රියාකාරීත්වය පෙන්වන පත්‍රිකා දෙකෙන් එකකි.

    ජර්මනියේ උපත ලද සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයක් වූ ඇල්බට්‍ අයින්ස්ටයින් සිය සාපේක්ෂතා වාදය හා ස්කන්ධ - ශක්ති තුල්‍යතාව ( E = mc2) සමීකරණය සඳහා වඩාත් ප්‍රසිද්ධ ‍වී ඇත. අයින්ස්ටයින් “ඔහුගේ සෛද්ධන්තික භෞතික විද්‍යාව සදහා වු සේවය හා විශේෂයෙන්ම ප්‍රකාශ විද්‍යුත් ආචරණ නියම වල සොයා ගැනීම්‍” හේතුවෙන් 1921 දී භෞතික විද්‍යාව සදහා වු නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය.

    මෙලෙස වෙන්දේසියේ දී අලෙවි වූ අත්පිටපත 1913 සහ 1914 අතර අයින්ස්ටයින් සහ ඔහුගේ ස්විට්සර්ලන්ත සගයා වන Michele Besso විසින් ලියන ලද්දකි.