අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදලේ රු. මිලියන 7,978ක මූල්‍ය සහායෙන් නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයට සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයක්

    April, 3, 2019

    ශ්‍රී ලංකා නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයීය සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය සඳහා වූ ගොඩනැඟිලි සංකීර්ණය අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදලේ මූල්‍ය සහාය සහිතව රුපියල් මිලියන 7,978ක මුළු ආයෝජනයක් යටතේ මඩකලපුව, පිල්ලෙයාරඩි ප්‍රදේශයේ අක්කර 50ක භූමිභාගයක් තුළ ඉදි කිරීමට යෝජනා වී ඇත.

    ඒ සඳහා වන ගොඩනැඟිලි ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,887.95ක (බදු රහිත) මුදලකට සීමාසහිත ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කන්සෝටියම් පුද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.