අරුවක්කාලු දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනයට අවශ්‍ය බහාලුම් පෙට්ටි සැපයීමේ කොන්ත්‍රාත්තුව චීනයේ Dongfang ට පිරිනමන්න චම්පිකගෙන් යෝජනාවක්

    July, 3, 2019

    ජාතික ගැටලුවක්ව පවතින නාගරික ඝන අපද්‍රව්‍ය ගැටලුව විසඳීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට නියමිත අරුවක්කාලු හි නාගරික ඝන අපද්‍රව්‍ය සනීපාරක්ෂණ භූමි පිරවුම් කසල බැහැර කිරීමේ විසඳුම ක්‍රියාවට නැංවීම සඳහා කැලණිය සිට අරුවක්කාලු තෙක් ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය බහාලුම් පෙට්ටි සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි චීනයේ Dongfang Electric International Corporation වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යව චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.