March, 17, 2021
අලි මිනිස් ගැටුම යනු දීර්ඝ කාලයක් පුරාවට ශ්‍රී ලංකාව තුළ පවතින බරපතල ගැටලුවක් බවට පත්ව තිබේ. මේ හේතුවෙන් වසරකට රටට අහිමි වන මිනිස් ජීවිත ප්‍රමාණය මෙන්ම ජීවිතක්ෂයට පත්වන අලි සංඛ්‍යාව ද ඉතා ඉහළ ය. එවන් පසුබිමක සමාජ ගැටලු සඳහා තාක්ෂණික විසඳුම් ගවේෂණය කිරීමේ නිරතව සිටින 'ජාතික තොරතුරු සහ සන්නිවේදන සැපයුම්කරු වන SLT-MOBITEL' ආයතනය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සමඟ එක්ව අලි-මිනිස් ගැටුම වැළැක්වීම සඳහා නවෝත්පාදන හා ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කිරීමේ අරමුණින් 'The Elephant Decoder Hackathon’ නමින් නව වැඩසටහනකට පසුගියදා මුලපුරනු ලැබීය.
නව තාක්ෂණය පිළිබඳ දැනුමක් ඇති අයෙකුට මෙම වැඩසටහනට අයදුම් කළහැකි අතර, එහි අරමුණ වන්නේ පූර්වයෙන් නිර්ණය කළ ප්‍රදේශයක් තුළ අලියෙකු සිටී නම් ඒ පිළිබඳ කල් තබා දැනුම් දිය හැකි අනතුරු ඇඟවීමේ පද්ධතියක් නිර්මාණය කිරීම ය. 2019 වසරේදී පමණක් අලි-මිනිස් ගැටුම හේතුවෙන් රටට අහිමි වූ මිනිස් ජීවිත ප්‍රමාණය 122ක් වූ අතර, වන අලි ප්‍රමාණය 407ක් විය. අලි-මිනිස් ගැටුම නිසා වාර්ෂිකව වැඩිම අලි ප්‍රමාණයක් මිය යන රට ලෙස ද දෙවැනියට වැඩිම මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි වන රට ලෙස ද ශ්‍රී ලංකාව ශ්‍රේණිගත වී තිබීම මෙම අර්බුදයේ බරපතලකම පෙන්නුම් කරයි. එම නිසා වටිනා මිනිස් ජීවිත මෙන්ම වටිනා වනජීවී සම්පතක් වන අලින්ගේ ජිවිත ද ආරක්ෂා කරගැනීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක විය යුතුව තිබේ.
'The Elephant Decoder Hackathon’ වැඩසටහනට සහභාගී වීමට කැමති ඕනෑම අයෙකු ඒ සඳහා කළ යුත්තේ, www.sltmobitel-elephant-decoder.com වෙත පිවිස, ඒ හරහා අලි මිනිස් ගැටුම පාලනය කිරීමට අදාළ තම නව අදහස් හා විසඳුම් ඉදිරිපත් කිරීම ය. අලි මිනිස් ගැටුම පිළිබඳ සංවේදී සහ ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සෑම අයෙකුටම මෙම Hackathon එකට එක්විය හැක. එමඟින් පූර්වයෙන් නිර්ණය කළ ප්‍රදේශයක් තුළ වන අලියෙකු සිටී නම් ඒ පිළිබඳ කල් තබා දැනුම් දිය හැකි අනතුරු ඇඟවීමේ පද්ධතියක් නිර්මාණය කිරීමට වැදගත් වන තාක්ෂණික දැනුම හෝ අදහස් හුවමාරු කරගැනීමට හැකිවනු ඇත.
මෙම වැඩසටහන සඳහා විෂය සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක් ඇති උපදේශක සහ විනිසුරුවරු මඬුල්ලක් පත්කිරීමට ද SLT-MOBITEL ආයතනය පියවර ගෙන ඇත. ප්‍රතිපත්ති සම්පාදනයේ නියුතු රාජ්‍ය නිලධාරීන් ඇතුළු ප්‍රවීණ පිරිසකගෙන් මෙම විද්වත් මණ්ඩලය සැකසී තිබේ. තේරීම් නිර්ණායකය අනුගමනය කරමින් ඒ ඒ අයදුම්කරුවන් විසින් ලබාදී ඇති විසඳුම් යෝජනා පරීක්ෂා කර ඇගයීම මෙම විද්වත් මණ්ඩලයේ කාර්යභාරය වේ. මුල් වටයේදී තෝරාගනු ලබන විසඳුම් යෝජනා ඉන් අනතුරුව විද්වත් මණ්ඩලයේ ඍජු අධීක්ෂණයට ලක් කෙරේ. එහිදී අදාළ යෝජනා පිළිබඳ වැඩි ඇගයීමක් සිදුකිරීමට මෙන්ම විද්වත් මණ්ඩලයේ අත්දැකීම් සහ දැනුම උපයෝගී කරගනිමින් ඒවා වැඩිදියුණු කිරීමට ද ඉඩ සැලසෙනු ඇත. අවසාන වශයෙන් මෙම යෝජනාවල ශක්‍යතාව ද ඇගයීමට ලක්කෙරේ.
නියමිත ප්‍රමිතීන් යටත්ව තෝරාගනු ලබන වඩාත්ම සාර්ථක හා ප්‍රායෝගික විසඳුම් යෝජනාව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව විශේෂයෙන්ම අලි-මිනිස් ගැටුම දරුණු ලෙස දක්නට ලැබෙන ප්‍රදේශවල ප්‍රායෝගිකව ක්‍රියාවට නංවනු ලැබේ. එහිදී වැඩසටහනට සම්බන්ධ වූ විද්වත් මණ්ඩලය මෙන්ම අදාළ විසඳුම් යෝජනාව ඉදිරිපත් කළ කණ්ඩායම ද ඊට සහාභාගී කරවාගැනීමට නියමිත ය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.sltmobitel-elephant-decoder.com වෙත පිවිසෙන්න.
Video Story