අලුත් කැලණි පාලමේ යකඩ පාලම ජපානයේ JMT ට

    September, 27, 2017

    කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීමේ ව්‍යාපෘතියේ පළමු වන අදියර යටතේ ඉදි කළ යුතු යකඩ පාලම් කොටස ඉදි කිරීම සඳහා දේශීය හා ජාත්‍යන්තර ඉදි කිරීම්කරුවන් වෙතින් ලංසු කැඳවනු ලැබ තිබේ.

    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එම යකඩ පාලම් කොටස ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 31,539ක මුදලකට JFE Engineering Corporation, Mitsui Engineering, Shipbuilding Co. Ltd. සහ TODA Corporation යන ආයතනවලින් සැඳුම්ලත් ජපානයේ JMT හවුල් ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.