අවන්හල් 64 කදී වට්ටම් පිරිනමන කොමර්ෂල් බැංකුවේ ‘ඩයින් ඇන්ඞ් ස්මයිල්’ නවතම ප‍්‍රවර්ධන වැඩසටහන ඇරඹෙයි

    September, 1, 2017

    කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් හිමියන් වෙනුවෙන් තෝරාගත් ප‍්‍රසිද්ධ අවන්හල් වලින් ආහාරපාන ලබාගැනීමේදී වට්ටම් ලබාදෙන ‘ඩයින් ඇන්ඞ් ස්මයිල්’ වැඩසටහන බැංකුව විසින් මේ වසරේ දෙවන වතාවටත් ආරම්භ කර තිබෙන අතර මෙවර මෙරට ප‍්‍රසිද්ධ අවන්හල් 64 ක් මගින් වට්ටම් ලබාදෙනු ඇත.

    බැංකුව සඳහන් කරන්නේ මෙවර ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ ප‍්‍රධාන පෙළේ හෝටල්වල පිහිටා තිබෙන අවන්හල් 33 කදී කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ් භාවිතා කරමින් ආහාරපාන මිලදීගැනීමේදී 25%ක වට්ටමක් සහ ඩෙබිට් කාඞ් භාවිතා කරමින් මිලදීගැනීමේදී 15%ක වට්ටමක් 2017 සැප්තැම්බර් මාසය අවසන් වනතුරු ලබාදෙන බව බැංකුව සඳහන් කරයි.

    මෙවර ප‍්‍රවර්ධන වැඩසටහනට ජෙට්වින්ග් හෝටල් සමූහයට අයත් මීගමුව, කොළඹ, දඹුල්ල, ගාල්ල, පානදුර සහ යාපනය ප‍්‍රදේශවල පිහිටි හෝටල් 09 ක අවන්හල් 16 ක් සම්බන්ධවී සිටී. මේ සමග Kingsbury හෝටලයේ අවන්හල් හතරක්, Galadari, The Banyan, සහ Waters Edge හෝටල්වල එක් හෝටලයක අවන්හල් තුන බැගින් Gateway Hotels & Resorts සහ Mandarina යන හෝටල්වල එක් හෝටලයක අවන්හල් දෙක බැගින් මෙම ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා මෙවර සම්බන්ධ වී ඇත.

    මෙවර ප‍්‍රවර්ධන වැඩසටහනට සහභාගී වන අනිකුත් අවන්හල් අතරට ඇන්ඞ් කෝ පබ් කිචන්, අසයිලම්, බැරිස්ටා වර්ල්ඞ් ටේ‍්‍රඞ් සෙන්ටර්, කැෆේ මෝකා තුන්මුල්ල, බම්බලපිටිය සහ ජාතික කෞතුකාගාරයේ ලක්සල අවන්හල්, බර්ලින් ස්කයි ලෝන්ජ් Il සීලො, බ්ලැක් පෙපර්, කැෆේ මයිකල්ඇන්ජෙලෝ, අම්බර්, ක්ලවුඞ් කැෆේ, ලොෆ්ට් ලවුන්ජ් බාර්, ස්කාර්ලට් රූම්, ෆලෙමින්ගො හවුස්, හාපෝස්  පිසා ඇන්ඞ් පාලර්, ඉන්ඩියන් සමර්, ජැක් ටී‍්‍ර, ජේඞ්, ලූන්ටා ඕ, මහරාජාපැලස්, පොන්නුසාමි, රජ බොජුන්, සෝල් රෙස්ටුරන්ට්, සයම් හවුස්, ස්ටි‍්‍රට් 360, TGI ෆ‍්‍රයිඬේස්, ද මැන්ගො ටී‍්‍ර, ද සැන්ඞ්විච් ෆැක්ටරි, ටිල්කෝ හොටෙල්ස්, සින්ග්ටා ඕ,  සුකිජිවොයිචි සහ වසන්ත භවන් ඇතුළත් වේ.

    කාඞ්පත් හිමියන්ට මෙම වට්ටම් ලබාදෙන්නේ බැංකුවේ ‘කොම්ඞීල්ස්’ සේවාව හරහා පිරිනමන විශේෂ වට්ටම් සහ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට ලබාදෙන පොළී රහිත පහසු ගෙවීමේ වරප‍්‍රසාදයන්ට අමතරවයි. වීසා සහ මාස්ටර් කාඞ්පත් සමාගම් විසින් ජාත්‍යන්තර වශයෙන් පවත්වනු ලබන ප‍්‍රවර්ධන වැඩසටහන් සඳහා සහභාගී වීමටද කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් හිමියන් සුදුසුකම් ලබන අතර කොමර්ෂල් බැංකුවේ ’මැක්ස් ලෝයල්ටි’ ප‍්‍රතිලාභ වැඩසටහන යටතේ බොහෝ ප‍්‍රතිලාභද හිමිවේ.

    ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන කාඞ්පත් ලෙස කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් සැලකෙන අතර සමස්තයක් ලෙස ගත්විට මෙරට වෙළඳපොළ ප‍්‍රමුඛස්ථානය ගැනීමට කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් සමත්ව තිබේ. බැංකුව විසින් Visa සහ Mastercard සන්නාමය යටතේ  Silver, Gold සහ  Platinum මට්ටමින් ක්‍රෙඩිට් නිකුත් කරන අතර ඉහළ පාරිභෝගික කාණ්ඩය සඳහා Visa Signature, World Mastercard සහ Visa Infinite කාඞ්පත් නිකුත් කරයි. මෙම කාඞ්පත් ‘Tap & Go’ NFC තාක්ෂණයෙන් යුක්ත වන අතර ඉතාමත් ශක්තිමත් NFC Point-of-Sale (POS) ජාලයක සහාය මේ සඳහා හිමිවේ. ක්‍රෙඩිට් හා ඩෙබිට්පත් භාවිතා කරන දෙපිරිසටම ලෝයල්ටි ප‍්‍රතිලාභ ලකුණු ලබාදෙන එකම ලෝයල්ටි වැඩසටහන වන්නේ කොමර්ෂල් බැංකුවේ ’මැක්ස් ලෝයල්ටි’ ප‍්‍රතිලාභ වැඩසටහනයි.