අවිධිමත් ලෙස ක්‍රියාත්මක මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනයේ අවශ්‍යතාවය මහ බැංකුව අවධාරණය කරයි

    June, 15, 2020

    අවිධිමත් ලෙස රට තුළ ක්‍රියාත්මක වන මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය කිරීම සඳහා විචක්ෂණශීලී නියාමන රාමුවක අවශ්‍යතාවය හඳුනා ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එවැනි නියාමන රාමුවක අවශ්‍යතාවය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරනු ලැබූ ක්ෂේත්‍ර චාරිකා මගින් එක්රැස් කරගත් සාක්ෂිවලින් සහ මුදල් ණයට දෙන්නන් විසින් සිදුකරන ලද විවිධ අක්‍රමිකතා හා පාරිභෝගික හිංසනය පිළිබඳව ලැබෙන පැමිණිලිවලින් මනාව යුක්ති සගහත කෙරෙන බව මහ බැංකුව වැඩිදුටරත් කියා සිටී.

    ශ්‍රී ලංකාව තුළ අවිධිමත් ලෙස ක්‍රියාත්මක වන මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය කිරීමේ අවශ්‍යතාවය මහ බැංකුව අවධාරණය කරමින් 2019 ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව මගින් මේ බව පෙන්වා දී ඇති අතර මහ බැංකු වාර්තාවේ සඳහන් එම සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.