අවුරුදු චාරිත‍්‍ර-වාරිත‍්‍ර වෙත ගනුදෙනුකරුවන් ළංකරවන HSBC

    March, 22, 2017

    පැරණි සම්ප‍්‍රදායයන්ට ආදරය කරන්නට නව ලෝකය හුරු-පුරුදු කිරීම පහසු කාර්යයක් නොවේ. පරම්පරා ගණනාවක් පුරා පැවත එන ‘සම්ප‍්‍රාදයයන්’ වෙනුවෙන් ම ඉලක්ක කරගත් අවුරුදු ප‍්‍රවර්ධන කටයුත්තක් සමඟ ගනුදෙනුකරුවන් සිය සම්ප‍්‍රදායයන් වෙත ළඟා කරන්නට ්‍යීඊක්‍ මෙවර සැලසුම් කර ඇත.

    සිංහල සහ දමිළ අලූත් අවුරුද්ද යනු විවිධ, වර්ණවත් හා අර්ථාන්විත සම්ප‍්‍රදායයන්ගෙන් යුතු උත්සවයක් බව HSBC දනියි. එම නිසා, මෙම නැකැත් වේලාවන් සැමරීමේ දී ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සෑමදෙයක් වෙනුවෙන් ම පමණක් නොව, සිංහල සහ දමිළ අලූත් අවුරුද්දේ දී ඉන් අනතුරුව සිදු කෙරෙන බොහෝ චාරිත‍්‍ර-වාරිත‍්‍ර වෙත ඔවුන් ළඟා කරන්නට අවශ්‍ය දේ සඳහා ද විස්මිත ඉතිරිකිරීම් ලබාදීමට HSBC කටයුතු කර ඇත.

    නියමිත පැහැයකින් යුතු ඇඳුමෙන් සැරසීම ද අලූත් අවුරුදු චාරිත‍්‍රවලට අයත් විශේෂිත සුන්දර අංගයකි. උත්සව සමයේ හැඩ-වැඩ වෙන්නට HSBC ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලබාදෙන විශේෂ ඉතුරුම් රැසක් රෙදිපිළි වෙළඳ ආයතනයන් විශාල සංඛ්‍යාවක් වෙතින් ලබාගැනීමේ අවස්ථාව සලසා ඇත.

    අලූත් අවුරුද්දට තෑගිබෝග බෙදා-හදා ගැනීමේ චාරිත‍්‍රය ද පහසුවන අන්දමේ ඉතුරුම් රැසක් HSBC පිරිනමා ඇත. සුප‍්‍රසිද්ධ වෙළඳ ආයතන 190ක ට වැඩි සංඛ්‍යාවක් සමඟ හවුල්කාරිත්වයෙන් යුතුව විලාසිතා, ආභරණ සහ අත්ඔරලෝසු, රූපලාවන්‍යාගාර, ස්පා සහ ව්‍යායාම් සඳහා වන ස්ථාන, ආහාර-පාන ගැනීම්, ගෘහ උපකරණ, සුපිරි වෙළඳසැල්, රක්ෂණ සහ තවත් බොහෝ දෑ සඳහා 50% දක්වා සුවිශේෂී ඉතුරුම් ගනුදෙනුකරුවන් වෙත ලබාදෙන්නට බැංකුව කටයුතු කර ඇත.

    HSBC ශ‍්‍රී ලංකා හි අලෙවිකරණ හා සන්නිවේදන අංශ ප‍්‍රධානී, තරංග ගුණසේකර මහතා කියා සිටියේ, ”මේ වන විට වසර 125ක කාලයක් අප, ශ‍්‍රී ලංකාවේ ගනුදෙනුකරුවන් අතර සිටිනවා. මේ කාලය පුරාවට විවිධ සම්ප‍්‍රදායයන් සහ ඉපැරණි චාරිත‍්‍ර-වාරිත‍්‍ර අවුරුදු සමයේ දී අප විසින් දැක තිබෙනවා. නව ලෝකය වේගයෙන් යන ගමනේදී පැරණි සම්ප‍්‍රදායයන් එහා-මෙහාවීමට ඇති ඉඩකඩ වැඩියි. එකී සම්ප‍්‍රදායයන් අපේ ගනුදෙනුකරුවන් හට සිහිපත් කිරීමට කාලය මේ යැයි අප සිතනවා. ශ‍්‍රී ලාංකේය ගනුදෙනුකරුවන් අතරින් වැඩි පිරිසක් සිංහල දමිළ අලූත් අවුරුද්ද සමරන බැවින් ඔවුන් වෙත ළංවිය හැකි තවත් ආකාරයකි මේ” යනුවෙනි.

    එපමණක් නොව නිවාඩු ගතකිරීම සඳහා වසරේ සුදුසුම කාලය ද අපේ‍්‍රල් මාසයයි. අවුරුදු සමරනු නොලබන ගනුදෙනුකරුවන් හට පවුලේ සියලූදෙනා සමඟ නිවාඩු ගතකිරීමට හැකියාව ලබාදෙන විශේෂ ඉතුරුම් සහිත දේශීය හෝටල් ගණනාවකි. පැරණි සම්ප‍්‍රදායයන් මෙන් ම අවුරුදු සමයේ සතුට ගෙනෙන රබන් ගැසීම් හා වෙනත් අවුරුදු ක‍්‍රීඩාවන්ට සහභාගිවී එම සතුට ලබන්නට ඔවුන්ට ද එම නිවාඩු ගතකිරීම්වල දී හැකියාව ලැබෙනු ඇත.

    අපගේ සුවිශේෂී සුපිරි වෙළඳසැල් හවුල්කරු වන කීල්ස් සුපිරි වෙළඳසැල් වෙතින් උසස් තත්ත්වයේ භාණ්ඩ මිලදී ගෙන, අවුරුදු මේසය සරසන්නට කැවිලි-පෙවිලි සාදාගන්නට ද ගනුදෙනුකරුවන් හට හැකියාව ඇත. එසේම අලූත් අවුරුදු සමයේ දී නිවස සරසන නව ගෘහ උපකරණ ලබාගන්නට අබාන්ස් වෙත යන්න, විශේෂ ඉතුරුම් රැසක් සමඟ පොලී රහිත වාරික ගෙවීමේ සැලසුම් ද ඔබට එහි දී ලබාගත හැක.

    ඉපැරණි අවුරුදු සම්ප‍්‍රදායයන් පිළිබඳ විස්තර සඳහා මෙන්ම සිංහල හා දමිළ අලූත් අවුරුද්ද වෙනුවෙන් සූදානම් කර ඇති ක‍්‍රියාකාරකම් මාලාව ගැන වැඩි විස්තර දැනගන්නටත් ශ‍්‍රී ලංකාවේ Facebook පිටුව බලන්න. නැතිනම්, අවුරුදු සමය වෙනුවෙන් දීමනා හා ඉතිරිකිරීම් සඳහා බැංකුවේ වෙබ් අඩවිය www.hsbc.lk වෙත පිවිසෙන්න.