අසෝක ග්ලාස් සමාගමේ ප්‍රධානියාට IDB සභාපති පුටුව

    February, 21, 2015

    කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන වීදුරු නිෂ්පාදන අපනයනකරුවෙකු (glass exporter) ලෙස කීර්තියක් දිනා තිබෙන අසෝක ග්ලාස් ඇන්ඩ් මිරර් සමාගමේ සභාපති මහින්ද ජිනසේන මහතා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ (IDB) නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

    කර්මාන්ත සහ වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් මෙම පත්වීම කර තිබෙන අතර ජිනසේන මහතා වෘත්තියෙන් ඉංජිනේරුවෙකි.

    ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන අගය එකතුකළ (value added glass) වීදුරු නිෂ්පාදන වලින් සියයට 80 ක් නිෂ්පාදනය කරන්නේ ජිනසේන මහතාගේ සමාගම මගිනි. ඔහු රාජ්‍ය අංශයේ පත්වීමක් ලබාගත් පළමු අවස්ථාව මෙයයි.