අළුත් අවුරුදු සමයේ කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් හිමියන්ට 50% ක් දක්වා ආකර්ශනීය වට්ටම්

    March, 24, 2022

    කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට මෙම අවුරුදු සමයේ සාප්පු සවාරියේ යෙදීමේදී ඉහළ ප‍්‍රතිලාභයක් ලබාදෙමින් දිවයින පුරා විහිදුණු වෙළෙඳසැල් 3500 කට වැඩි සංඛ්‍යාවකදී 50% ක් දක්වා වට්ටම් ලබාගැනීමේ අවස්ථාව සහ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පහසුගෙවීමේ ක‍්‍රම මත භාණ්ඩ මිලදීගැනීමේ අවස්ථාව ලබාදී තිබේ.

    කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් භාවිතා කරමින් 2022 මාර්තු 20 වනදා සිට අපේ‍්‍රල් 15 වනදා දක්වා මෙම වට්ටම් පිරිනමන බවත් එම වට්ටම් කාලය තුල නිශ්චිත දිනයන්වල හෝ කාල සීමාවක් තුළ මෙම වට්ටම් ලබාදෙන වෙළෙඳසැල් වෙතින් මෙම ප‍්‍රතිලාභ ලබාගත හැකි බව බැංකුව සඳහන් කරයි. මේ අතර, මාස 60 ක් දක්වා පියවීමේ පහසුකම් සහිත විශේෂ පහසු ගෙවීමේ සැලසුම් මෙම ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා ලියාපදිංචි වූ දිවයින පුරා විහිදුණු වෙළෙඳසැල් වලින් ක්‍රෙඩිට් කාඩ්පත් මගින් මිලදී ගැනීම් කිරීමේදී ලබාගත හැකිවේ. මෙම පහසු ගෙවීමේ සැලසුම් වෙළෙඳුන්ගෙන් වෙළෙඳුන්ට වෙනස් වන නිසා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු බැංකුවේ www.combank.lk අඩවියෙන් දැනගත හැකිය.

    මෙම දීමනාවන්ට අනුව කාඩ්පත් හිමියන්ට නිවාඩුවක් ගත කිරීම, ගෙදරට අළුත් භාණ්ඩ මිලදීගැනීම, මුළු පවුලටම රෙදිපිළි මිලදී ගැනීම, මිතුරන්ට ත්‍යාග මිලදී ගැනීම, ග්‍රොසරි භාණ්ඩ මිලදීගැනීම, නව විලාසිතා මිලදී ගැනීම යනාදිය කළ හැකිවේ.

    මෙම අළුත් අවුරුදු සමයේ කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට වට්ටම් ලබාදෙන වෙළෙඳ සැල් 3500 අතරට ඇඟලූම්, විලාසිතා සහ ආයිත්තම් අලෙවිසැල් අයත් වන අතර ඒවා මගින් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට 50% ක් දක්වා වට්ටම් පිරිනමයි. එසේම, බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට ආභරණ අලෙවිසැල් මගින් 50% ක් දක්වා වට්ටමක්ද, පාවහන් සහ ලෙදර් නිෂ්පාදන සඳහා ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට 25% ක් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට 15% ක් දක්වා වට්ටම් ලබාදෙයි. බැංකුව සඳහන් කරන්නේ මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ සෞඛ්‍ය සහ ඇස්කන්නාඩි සේවා ලබාදෙන සමාගම් වෙතින් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් සඳහා 30% ක් දක්වා වට්ටමක් ලබාදෙන බවයි. මේ අතරම, අත් ඔරලෝසු සහ ආයිත්තම් අලෙවිසැල් මගින් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 40% ක් දක්වා වට්ටම් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට 20% ක් දක්වා වට්ටම් ලබාදෙයි. මීට අමතරව, ලයිෆ් ස්ටයිල් අලෙවිසැල් මගින් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් සඳහා 40% ක් දක්වා වට්ටම්ද, අන්තර්ජාල අලෙවි වෙබ් අඩවි මගින් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් සඳහා 30% ක් දක්වා වට්ටම්ද, සැලෝන්, ස්පා සහ රූපලාවන්‍ය භාණ්ඩ අලෙවිසැල් මගින් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 30% ක් දක්වා සහ ඩෙබිට් කාඩ්පත් සඳහා 20% ක් දක්වා වට්ටම්ද, පොත් අලෙවිසැල් මගින් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 20% ක් දක්වා සහ ඩෙබිට් කාඩ්පත් සඳහා 15% ක් දක්වා වට්ටම්ද, වාහන අලෙවිසැල් මගින් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් සඳහා 50% ක් දක්වා වට්ටම්ද, ව්‍යායාම මධ්‍යස්ථාන මගින් සාමාජිකත්වය ලබාගැනීමේදී ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් සඳහා 30% ක් දක්වා වට්ටම්ද, One Galle Face සාප්පු සංකීර්ණයේ තෝරාගත් අලෙවිසැල් වලින් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් මගින් මිලදීගැනීම් කිරීමේදී 25% ක් දක්වා වට්ටම්ද ලබාදෙන බව බැංකුව සඳහන් කරයි.

    කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඩෙබිට් කාඩ්පත් මගින් වසර පුරාම පුළුල්ව විහිදුණු සේවා මාලාවක් ඇතුළත් වන ලෙස ප‍්‍රවර්ධන වැඩසටහන් සිදුකරයි. සිය Max Loyalty Rewards වැඩසටහන මගින් ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන් යන දෙපිරිසටම ප‍්‍රතිලාභ ලබාදුන් පළමු බැංකුව වන්නේ කොමර්ෂල් බැංකුවයි. මීට පෙර, සාම්ප‍්‍රදායික වශයෙන් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා පමණක් ලබාදුන් ප‍්‍රවර්ධන වට්ටම් ඩෙබිට් කාඩ්පත් සඳහාත් ලබාදුන් පුරෝගාමී බැංකුවක් ලෙස කොමර්ෂල් බැංකුව කැපී පෙනේ.

    ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන කාඩ්පත් ලෙස කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් සැලකෙන අතර සමස්තයක් ලෙස ගත්විට මෙරට වෙළඳපොළ ප‍්‍රමුඛස්ථානය ගැනීමට කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් හා ඩෙබිට් කාඩ් සමත්ව තිබේ. බැංකුව විසින් Visa සහ Mastercard මෙන්ම UnionPay සන්නාම යටතේ Classic, Gold සහ Platinum මට්ටමින් ක්‍රෙඩිට් කාඩ් නිකුත් කරන අතර ඉහළ පාරිභෝගික කාණ්ඩය සඳහා Visa Signature, World Mastercard සහ Visa Infinite මෙන්ම UnionPay Asia Prestige Diamond සහ UnionPay Asia Prestige Platinum කාඩ්පත් නිකුත් කරයි. මෙම කාඩ්පත් ‘Tap & Go’ NFC තාක්ෂණයෙන් යුක්ත වන අතර ඉතාමත් ශක්තිමත් NFC Point-of-Sale (POS) ජාලයක සහාය මේ සඳහා හිමිවේ.

    ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 938 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.