ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙසින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ පිළිරැව් දුන්නේ මෙහෙමයි

    January, 23, 2019

    පසුගිය 2018 වසරේ දී, ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙසින් ජාත්‍යන්තර සඟරා සහ ආයතන රැසකින්ම ඇගයීමට ලක්විය. මේ ඒ පිළිබඳ සටහනකි.

    2018 වසර මුල දී නැෂනල් ජියෝග‍්‍රැෆික් සගරාව (National Geographic) විසින් ශී‍්‍ර ලංකාව ශීත ඍතුව වඩාත් සීතල වන විට හිරු එළිය තැපීමට සුදුසු මෙන්ම වසර පුරා හිරු එළිය ඇති ස්ථානයක් ලෙස හැඳින්වූයේය. තවද නැෂනල් ජියෝග‍්‍රැෆික් විසින් සංචාරකයන් හට බෝටිටුවෙන් ගවේෂණය කළ හැකි විශේෂ ස්ථානයක් ලෙස නැගෙනහිර වෙරළ උපුටා දක්වන ලදී. ශී‍්‍ර ලංකාව 2018 වසර පුරාම නැෂනල් ජියෝග‍්‍රැෆික් සගරාව විසින් සකස් කරන සංචාරය කල යුතුම ස්ථාන ලයිස්තුවේ ඉහලින්ම සිටි අතර, එය නැෂනල් ජියෝග‍්‍රැෆික් සගරාවේ 2018 Cool List එකේද අඩංගු විය. නැෂනල් ජියෝග‍්‍රැෆික් විසින් සිය ප‍්‍රකාශනයේ ශී‍්‍ර ලංකාව වඩාත් විනෝදකාමී ස්ථාන, වත්මන වඩාත්ම ප‍්‍රචලිත ස්ථාන සහ යමෙකු සිය ජීවිත කාලය තුළ කළ යුතුම දෑ තිබෙන නිදහස් රමණීය පෙදෙස් වලින් සමන්විත බවට ලැයිස්තුගත කරන ලදී.

    පසුගිය වසර තුළ ලංකාවට ලැබුණු ඉහලම ගෞරවයක් වූයේ සංචාරක මාර්ගෝපදේශනය පිළිබඳ කීර්තිමත් ලෝන්ලි ප්ලැනට්  (Lonely Planet) විසින් ශී‍්‍ර ලංකාව 2019 වසර සඳහා හොඳම සංචාරක ගමනාන්තය ලෙස හැඳින්වීමය.

    2019 වර්ෂයේ විනිශ්චයකරුවන්ගේ සම්මානයේ ජයග‍්‍රාහකයා ලෙස ද තීරණය කරන ලදී. ශී‍්‍ර ලංකාව එම සමිමානයෙන් 2019 ජනවාරි මස ආරමිභයේදී පිදුම් ලැබීය. තවද  Unilad නම් Facebook හි ජනප්‍රියම සංචාරය පිළිබඳ චැනලයේ  2019 වර්ෂයේ විනිශ්චයකරුවන්ගේ සම්මානයද  (2019 judges award) ශ්‍රී ලංකාවට හිමි විය.  ශ්‍රී ලංකාවට මෙම සම්මානය හිමි වූයේ 2019 ජනවාරි මාසයේදීය.

    ශී‍්‍ර ලංකාව තව දුරටත් ට‍්‍රැවල් ලෙමින්ග් (Travel Lemming) වෙබි පිටුව විසින් 2019 සඳහා හොඳම ගමනාන්ත 6න් එකක් ලෙස 2019 ට‍්‍රැවල් ලෙමින්ග්  පාඨක සම්මානය උළෙලේදී (Travel Lemming Reader Awards) හිදී නම් කරන ලදී. ට‍්‍රැවල් ලෙමින්ග් යනු ලොව නැගී එන ගමනාන්ත ප‍්‍රවර්ධනය කිරීම සඳහාත් සමිප‍්‍රදානුකූල සංචාරක ආකර්ෂණ වලින් ඔබ්බට සිතීමට සංචාරකයන් දිරිගැන්වීම සඳහාත් කැප වූ වෙබි අඩවියකි.

    කැනඩාවේ ට‍්‍රැවල් වීක් (Travel Week of Canada) පුවත් පත ශී‍්‍ර ලංකාව කැනේඩියානු සහස‍්‍රක (Millennial) සංචාරකයන් සඳහා අනර්ඝතම ගමනාන්තයක් ලෙස (top destination for Canadian Millennial travelers) ලෙස නම් කරන ලදී. එයද 2019 වසරේ ලැබූ තවත් නිර්දේශයකි.

    තවද අයි-එස්කේප් (i-escape) වෙබි අඩවිය  2019 වසර සඳහා හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස හැඳින්වීය. අයි-එස්කේප් (i-escape) වෙබි අඩවිය එක්සත් රාජධානියේ ඉදිරියෙන්ම සිටින Boutique Hotel පිළිබඳ විශේෂඥයන්ය.