ආණ්ඩුවේ සල්ලි ප්‍රමාදයි. ණයකර පොළී ගෙවන්න විදියක් නැහැ – MTD Walkers කියයි

    April, 2, 2019

    සිය සමාගම විසින් සිදුකරනු ලබන ව්‍යාපෘති වෙනුවෙන් ලැබිය යුතු මුදල් ප්‍රමාද වීම හේතුවෙන් 2019 මාර්තු 31 දින වන විට ගෙවිය යුතු ණයකර පොළී මුදල්, ගෙවීමට නොහැකි තත්ත්වයක් පැන නැඟී ඇති බව MTD Walkers PLC පවසයි.

    මෙහිදී වැඩිදුරටත් සමාගම කියා සිටින්නේ රජයේ ව්‍යාපෘති සඳහා ලැබිය යුතු මුදල් ප්‍රමාද වීම හේතුවෙන් මෙම අර්බුදයට මුහුණ පෑමට සමාගමට සිදුව ඇති බවයි.

    කෙසේ වෙතත් 2019 මාර්තු 31 දිනට ගෙවිය යුතු ණයකර පොළී මුදල්, 2019 අප්‍රේල් 30 හෝ ඊට පෙර ගෙවීමට කටයුතු යොදන බවත්, ගිවිසුමේ සඳහන් පරිදි සිදුව ඇති ප්‍රමාදය හේතුවෙන් 2% ක දණ්ඩන පොළියක් (Penal interest) ගෙවීමට සමාගම පියවර ගන්නා බවත් MTD Walkers PLC පවසා සිටී.

    සමාගමේ උප සභාපති (සමූහ මූල්‍ය පාලක) රොසෑන් ජමීල් ගේ අත්සනින් යුතුව, කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ලිපියක් යවමින් MTD Walkers PLC මේ බව දැනුම් දී ඇත.