ආදායම් අඩුවීමට රජය මුහුණ දෙන්නේ කෙසේද ?

    April, 17, 2014

    පසුගිය වසරේදී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්විට 2012 වසරට වඩා අඩුවී තිබේ.

    මේ අනුව, 2012 වසරේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 13.9 ක් වෙද්දී පසුගිය වසරේ එම ප්‍රමාණය සියයට 13.1 ක් දක්වා අඩුවිය. මෙයට හේතුවී තිබෙන්නේ මෝටර් රථ ආනයන ඇතුළුව ආනයන බදු අඩුවීමත් රජයේ ආයතනවල ලාභය අඩුවීමයි.

    මීට අමතරව, රාජ්‍ය ආයතන කිහිපයක්ම දැවැන්ත අලාභ ලබා ඇත.

    රජය මෙම ගැටලුවට මුහුණ දී තිබෙන්නේ රජයේ වියදම් අඩුකර ගනිමිනි.