ආනයනකරුවන්ගේ දුක මුදල් ලේකම්ට කියන්න අවස්ථාවක් – බන්දුල

    April, 24, 2020

    සුළු හා මධ්‍ය පරිමාණ දේශීය ආනයනකරුවන්ට පෞද්ගලිකව තම ආනයන සඳහා ඇති බාධාවන් සම්බන්ධ අභියාචනා මුදල් අමාත්‍යාංශය වෙත  ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

    මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් සම කැබිනට් ප්‍රකාශය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    “යම්කිසි ආනයනකරුවකුට තමන්ට සාධාරණ හා යුක්ති සහගත නිසා සමහර කර්මාන්තයක් පවත්වා ගෙන යන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගන්න බැරි වෙනවා නම්, ඒවා මේ රටේ කිසිසේත් නිෂ්පාදනය කළ නොහැකි නම්, එවැනි අයට මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට එවැනි අයගේ දුක්ගැනවිලි හෝ ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙස අප ඉල්ලා සිටිනවා.“