ආපිකෝ වෙතින් සුව නින්දකට අලුත්ම ‘New Super Cool මෙට්ට’

    December, 28, 2023

    ශ්‍රී ලංකාවේ ෆෝම් මෙට්ට කර්මාන්තයේ පුරෝගාමියා වන ආපිකෝ,  ‘Arpico නිව් සුපර් කූල්’ (Arpico New Super Cool) නමින් නවතම මෙට්ටයක් වෙළඳපොළට හඳුන්වා දීම වෙනුවෙන් සංවිධානය කළ විශේෂ උත්සවයක් පසුගියදා පැවැත්විණි.

    සම්භාවනීය අමුත්තන් රැසක් එක්වසිටි මෙම උත්සව අවස්ථාවේදී රිචඩ් පීරිස් සහ සමාගමේ දේශීය නිෂ්පාදන හා බෙදාහැරීම් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් විජේසිංහ මහතා විසින් New Super Cool මෙට්ට නිල වශයෙන් හඳුන්වා දීම සිදුකරන ලදී.

    ප්‍රශස්ත දෛනික ක්‍රියාකාරිත්වය සඳහා සුව නින්දක වටිනාකම ඉතා හොඳින් හඳුනාගත් ආපිකෝ, ගුණාත්මක නින්දක් හා සුවබර විවේකයක් වෙනුවෙන්ම විප්ලවීය වෙනසකින් යුතුව New Super Cool මෙට්ට නිෂ්පාදනය කර තිබේ.

    අති නවීන තාක්ෂණය හා සැලසුම් අනුව ලේයර හතරක්, එනම් දෙපස quilted soft ෆෝම් ලේයර දෙකක් Cool foam ලේයරය සහ ලේටෙක්ස් මිශ්‍රිත හාඩ් ෆෝම් ලේයරයක් සහිතව, අසමසම සුවපහසුවක් ගෙනෙන ලෙසින් නව ආපිකෝ සුපර් කූල් මෙට්ට නිෂ්පාදනය කර ඇත. මෙහි අන්තර් සම්බන්ධිත සිදුරු සහිත ෆෝම් ලේයරය මගින් නැවුම් සිසිලසක් ද ලේටෙක්ස් සහිත හාඩ් ෆෝම් ලේයරය මගින් විවේකී, සුවපහසු සහ සෞඛ්‍ය සම්පන්න නින්දක අත්දැකීමක් ද සහතික කරයි.

    “හා විවේකයට අළුත් අර්ථයක් ලබාදෙන අපගේ නවතම නිෂ්පාදනය වන නව සුපර් කූල් මෙට්ට හඳුන්වා දීමට හැකි වීම අපට මහත් සතුටක්. අපගේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී/ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය සේන යද්දෙහිගේ මහතාගේ දැක්ම යටතේ අප ක්‍රමෝපායික තාක්‍ෂණික දියුණුව තුළින් නවෝත්පාදන සහ පාරිභෝගික විශිෂ්ටත්වය ඒකාබද්ධ කරමින් පාරිභෝගික අත්දැකීම පරිවර්තනයකට ලක්කරමින් සිටිනවා.” රිචඩ් පීරිස් සහ සමාගමේ දේශීය නිෂ්පාදන හා බෙදාහැරීම් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් විජේසිංහ මහතා පැවසී ය.

    Arpitech (පුද්.) සමාගම මෙරට Polyurethane foam සහ spring මෙට්ට, ෂීට්, කුෂන්, සහ Siliconized Fiber කොට්ට සම්බන්ධ දශක ගණනක පළපුරුද්ද සහිත ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකි. ISO 9001-2015 සහතිකකරණය හිමි ආපිකෝ, සිය Arpifoam නිෂ්පාදන සඳහා SLS ප්‍රමිතිය අනුගමනය කරයි.

    ආපිකෝ නව සුපර් කූල් මෙට්ට හඳුන්වා දීමත් සමගින් මෙරට මෙට්ට කර්මාන්තයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් වී තිබේ.