ආයෝජකයින්ට දැනෙන්නම කොටස් වෙළෙඳපොළ වැටෙයි

    November, 24, 2025

    අද (24) කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක වල දැවැන්ත පහළ යාමක් දක්නට ලැබුණි.

    ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 337.84කින් පහළ ගොස් ඒකක 22,644.88ක් ලෙසින් සටහන් විය.

    මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 84.90කින් පහළ ගොස් ඒකක 6,279.71ක් ලෙසින් වාර්තා විය.

    HNB, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි, NDB, සම්පත් බැංකුව සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල පහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට බෙහෙවින් හේතු වී තිබුණි.

    අද දින මිල පහළ යාම් වාර්තා වූ මුළු සමාගම් සංඛ්‍යාව 220ක් වූ අතර සමාගම් 26ක පමණක් කොටස් මිල ගණන් අද ඉහළ ගොස් ඇත.

    අද දින ගනුදෙනු පිරිවැටුම වාර්තා වූයේ රු. බිලියන 4.95ක් ලෙසිනි.

    Video Story

    Stock Market

    Exchange Rates