ආයෝජන මණ්ඩලයේ ලොකු පුටුව නීතිඥ සංගමයේ සභාපතිට

    February, 4, 2015

    ප්‍රකට නීතිඥයෙකු මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වන උපුල් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ.

    උපුල් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අමුත්තෙකු නොවන අතර 1978 වසරේදී මහ කොළඹ ආර්ථික කොමිසමේ මුල්ම නීති උපදේශකයා ලෙස කටයුතු කළේ ඒ මහතායි.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතට පත්ව තිබෙන අතර කබීර් හෂීම් මහතා අමාත්‍යවරයා ලෙසත් එරාන් වික්‍රමරත්න මහතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් කටයුතු කරයි.