February, 23, 2023
වර්ථමාන ලෝක ආර්ථික අවපාතය හමුවේ දශක 4කට පසුව ලොව රටවල් මුහුණදුන් ඉහලම උද්ධමන අගයක් පෙන්නුම් කරන වතාවරණයක වුවද ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ සමාගම් තම භාණ්ඩ හා සේවා අපනයනය කරමින් ශ්‍රි ලංකා ආර්ථිකයට සුභදායි දායකත්වයක් 2022 වර්ෂයේදී ලබාදීමට සමත් වී ඇත. මෙය ශ්‍රි ලංකාවේ දල ජාතික නිෂ්පාදනයේ වටිනාකමින් ඇමරිකානු ඩොලර් බිලියන 8.7 වන අතර මෙය 2021ට සාපේක්ෂව 8%ක වර්ධනයකි.
ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යවසායකයන් ජාතික අපනයන ආදායමට ඉහල දායකත්වයක් දක්වන අතර, විශේෂයෙන් නිමි ඇදුම් නිෂ්පාදනයෙන් එය 99% ක් වේ. රෙදිපිළි හා අදාල උපාංග අපනයනය 93%කි. සම්භාණ්ඩ සහ පාවහන් ඇතුළු සම්භාණ්ඩ ආශ්‍රිත කර්මාන්ත අංශයෙන් 83%කි. විවිධ යන්ත්‍රෝපකරණ සහ යන්ත්‍රෝපකරණ කොටස් අංශයෙන් 88%ක්ද මුද්‍රණ හා මුද්‍රිත නිෂ්පාදන අංශයෙන් 82% ක් සමස්ථ අපනයන ආදායමට, මෙම සලකා බලනු ලබන වර්ෂයේදී (2021) දී එකතු කොට ඇත.
විශේෂයෙන් සමස්ථ අපනයන ආදායමෙන් රෙදිපිළි සහ නිමි ඇදුම් මගින් ඇමරිකානු ඩොලර් බිලියන 5.8 ක් 2022දී ජාතික අපනයන ආදායමට එකතු කොට ඇති අතර එය 2021 වර්ෂයේ ඇමරිකානු ඩොලර් බිලියන 5.2 ක් ලෙස වාර්ථා විය. මෙය අදාල වර්ෂවලට සාපේක්ෂව 12%ක වර්ධනයක් බව සදහන් කල හැක. මෙයට අමතරව පදම් කල සම් සහ පාවහන් නිෂ්පාදනයේ 52%ක වර්ධනයක් දක්නට ලැබෙන අතර එහි මූල්‍ය වටිනාකම වනුයේ ඇමරිකානු ඩොලර් මිලියන 80කි.
2021 වර්ෂයට සාපේක්ෂව මැණික් ස්වර්ණාභරණ අපනයන ආදායම ඇ.ඩො.මි 147.57 (19% වර්ධනයකි)
යන්ත්‍රෝපකරණ සහ කාර්මික යෙදවුම් අංශයේ ආදායම ඇ.ඩො.මි 484.77 (16% වර්ධනයකි)
2021 වර්ෂයට සාපේක්ෂව, මුද්‍රණ කර්මාන්ත නිෂ්පාදන අපනයන ආදායම ඇ.ඩො.මි 46.47 (12% වර්ධනයකි)
ලෝහමය භාණ්ඩ සහ ලෝහමය උපාංග අපනයන ආදායම ඇ.ඩො.මි 85.53 (11% වර්ධනයකි)
සෙරමික් භාණ්ඩ අපනයන ආදායම ඇ.ඩො.මි 260.66 (3% වර්ධනයකි)
2022 වර්ෂයේ ඉහලම අපනයන ආදායම ඇගලුම් කර්මාන්ත ආශ්‍රිත භාණ්ඩ වාර්තාකොට ඇති අතර රබර් කර්මාන්තය 2වන ස්ථානයටත්, සම්භාණ්ඩ හා පාවහන් අපනයනකරුවන් 3 වන ස්ථානයනයද අත්පත් කොට ගෙන ඇත. සමස්තයක් වශයෙන් ගත් කල ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ව්‍යවසායකයන් ශ්‍රි ලංකා අපනයන ආදායම සදහා කර්මාන්ත අංශයෙන් 66% ක්, පසුගිය වසර වලදී අඛණ්ඩව ලබාදී ඇති අතර සමස්ත අපනයන ආදායමෙන් 85% සදහා දායක වී ඇත.
Video Story