October, 13, 2026
Prime Group හි නිවාස ඒකක සංවර්ධන අංශය වන Prime Residencies විසින්, කොළඹ 07 ප්‍රදේශයේ ඉදිකෙරෙන නවීන සහ අති සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් වන The Elizabeth හි ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ. කොළඹ නගරයේ වඩාත්ම කීර්තිමත් ප්‍රදේශයක පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය, නවීන ජීවන රටාව සඳහා නව ප්‍රමිතියක් හඳුන්වා දීමට සූදානම් වේ.
ලෝකයේ සෑම ප්‍රධාන නගරයකම, ගොඩනැගිල්ලකට වඩා වැඩි වටිනාකමක් සහ අනන්‍යතාවක් හිමි කරගන්නා සුවිශේෂී නිවාස ලිපින කිහිපයක් තිබේ. එවැනි ලිපිනයක් එහි අලංකාර ගෘහ නිර්මාණය, කීර්තිමත් ස්ථානය, සුවිශේෂී පරිසරය සහ එය නියෝජනය කරන උරුමය නිසා නගරයේම අනන්‍යතාවයේ කොටසක් බවට පත්වේ. The Elizabeth නිර්මාණය කර ඇන්නේ එවැනි සුවිශේෂී ලිපිනයක් බවට පත්වීමේ අරමුණින් වන අතර, කොළඹ නගරයේ නවීන හා අති සුඛෝපභෝගී ජීවන රටාව සඳහා නව ප්‍රමිතියක් නිර්මාණය කිරීම එහි අරමුණයි.
කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටා ඇති The Elizabeth, සුවිශේෂී ස්ථානයක් වන අතර, මෙම ව්‍යාපෘතිය, පෞද්ගලිකත්වය සහිත නවීන පහසුකම් සහ සමකාලීන ගෘහ නිර්මාණ ශිල්පය එකට එක් කරයි. මේ සියල්ල එක්ව, කොළඹ නගරයේ වඩාත්ම ඉල්ලුමක් ඇති ප්‍රදේශයකට ගැළපෙන, ගෞරවනීය සහ සුවිශේෂී ජීවන පරිසරයක් නිර්මාණය කරයි.
අක්කරයකට ආසන්න භූමි ප්‍රමාණයක ඉදිකෙරෙන The Elizabeth හි නිවාස ඒකක 200ක් පමණ ඇතුළත් වේ. සුවිශේෂී ගෘහ නිර්මාණය, ප්‍රායෝගික සැලසුම් සහ කාලයත් සමඟ වටිනාකම තවදුරටත් පවත්වාගෙන යන අලංකාරත්වය එක් කරමින් මෙම නිවාස සැලසුම් කර ඇත. ව්‍යාපෘතියේ අත්තිවාරම් සඳහා අවශ්‍ය පයිලින් (Piling) කටයුතු Access Engineering PLC විසින් සිදු කරනු ලබන අතර, එමඟින් ඔවුන්ගේ තාක්ෂණික දැනුම සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අත්දැකීම් මෙම ව්‍යාපෘතිය සඳහා එක් කරනු ඇත.
The Elizabeth හි නිවාස නිදන කාමර 2, 3 සහ 4 ආකාරයන්ගෙන් සමන්විත වේ. සෑම නිවසක්ම අද පමණක් නොව, ඉදිරි පරම්පරාවන්ටත් වටිනාකමක් ඇතිවන පරිදි නිර්මාණය කර ඇති අතර, උසස් තත්ත්වය, සුවිශේෂීත්වය සහ දිගුකාලීන වටිනාකම පිළිබිඹු කරයි.
The Elizabeth හි නිවාස මිල ගණන් රුපියල් මිලියන 129,750,000 සිට ඉහළට ආරම්භ වන අතර, කොළඹ 07 වැනි කීර්තිමත් නේවාසික ප්‍රදේශයක නිවසක් හිමිකර ගැනීමට සුවිශේෂී අවස්ථාවක් ලබා දෙයි.
The Elizabeth හි සැලසුම කොළඹ 07 ප්‍රදේශයේ පවතින සුවිශේෂී අනන්‍යතාවයට ගැළපෙන ලෙස නිර්මාණය කර ඇත. එහි ගෘහ නිර්මාණ ශෛලිය, පෞද්ගලික පහසුකම් සහ සැලකිල්ලෙන් සැලසුම් කළ නිවාස එකට එක්ව, උරුමය, පෞද්ගලිකත්වය සහ ස්ථිර වටිනාකම මත පදනම් වූ සුවිශේෂී ලිපිනයක් නිර්මාණය කරයි.
"The Elizabeth යනු කොළඹ නගරයේ කීර්තිමත් නේවාසික ජීවිතය පිළිබඳ අපගේ දැක්මට නව පරිච්ඡේදයක් එක් කරන ව්‍යාපෘතියක්. මෙය තවත් නිවාස ව්‍යාපෘතියක් නිර්මාණය කිරීම පමණක් නොව, අනන්‍යතාවක්, උරුමයක් සහ දිගුකාලීන වටිනාකමක් සහිත සුවිශේෂී ලිපිනයක් නිර්මාණය කිරීමකි. එහි ස්ථානය, ගෘහ නිර්මාණ දැක්ම සහ සෑම විස්තරයක් කෙරෙහිම දක්වා ඇති අවධානය, සුවිශේෂී පිරිසක් වෙනුවෙන් සැබවින්ම වෙනස් අත්දැකීමක් නිර්මාණය කර තිබෙනවා,” යනුවෙන් Prime Group හි සභාපති ප්‍රේමලාල් බ්‍රහ්මණගේ මහතා පැවසීය.
The Elizabeth යන නාමයද මෙම ව්‍යාපෘතියේ දර්ශනය පිළිබිඹු කරයි. එය උරුමයෙන් ආභාසය ලැබූ, අලංකාරත්වයෙන් හැඩගැන්වූ සහ තමන්ගේ ජීවිතයේ වටිනාකම මෙන්ම අනාගතපරම්පරාවන්ට ඉතිරි වන උරුමයද අගය කරන පිරිසක් වෙනුවෙන් නිර්මාණය වූ ව්‍යාපෘතියකි.
කොළඹ 07 හි ඉදිකෙරෙන The Elizabeth, නවීන ලෙස ඉදිකරන ලද නිවසක් කොළඹ නගරයේ වඩාත්ම කීර්තිමත් ප්‍රදේශයක හිමිකර ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. මෙවැනි ප්‍රදේශයක ඉඩම් සහ සුවිශේෂී නේවාසික දේපළ ඉතා සීමිත බැවින්, The Elizabeth නිර්මාණය කර ඇත්තේ අද දවසට පමණක් නොව, ඉදිරි පරම්පරාවන් සඳහාද වටිනාකමක් ඇතිවන පරිදි ස්ථිර අනන්‍යතාවක් සහ උරුමයක් සහිත නිවසක් ලෙසය.
වසර 30ක විශ්වාසනීය ඉතිහාසයක් සහිත Prime Group, නවෝත්පාදනය, අවංක භාවය සහ වඩා හොඳ ජීවන රටාවක් වෙනුවෙන් වූ දැක්මක් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දේපළ වෙළඳාම් සමාගම් අතර ඉදිරියෙන් සිටී. එහි සම්මානලාභී නිවාස ඒකක සංවර්ධන අංශය වන Prime Lands Residencies PLC, මේ වන විට මහල් නිවාස ව්‍යාපෘති 45ක් සාර්ථකව නිම කර ඇති අතර, කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ඇතුළුව සංවර්ධන ව්‍යාපෘති 50 කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කර ඇත. කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත වී ඇති ශ්‍රී ලංකාවේ විශාලතම දේපළ වෙළඳාම් සමාගම ලෙස Prime Lands Residencies PLC, විශ්වාසනීයත්වය සහ දිගුකාලීන වටිනාකම මත පදනම් වූ නවීන ජීවන රටාවක් අඛණ්ඩව නිර්මාණය කරමින් සිටී.
The Elizabeth, Colombo 07 යනු මෙම දිගු ගමනේ නවතම සුවිශේෂී පියවරයි. එය උරුමය සහ නවීන ජීවන රටාව එකට එක්වන, නිවසක් යනු ජීවත් වීමට ඇති ස්ථානයක් පමණක් නොව, කොළඹ නගරයේ අනන්‍යතාවයේ කොටසක් බවට පත්විය හැකි සුවිශේෂී ලිපිනයක් ලෙස නිර්මාණය වන ව්‍යාපෘතියකි.
Video Story