ආශා සෙන්ට්‍රල් රෝහල හා දේපොළ විකිණේ

    August, 11, 2014

    ආසිරි සෙන්ට්‍රල් හොස්පිට්ල්ස් පී.එල්.සී. සමාගමට අයත් කොළඹ 07, හෝර්ටන් පෙදෙසේ අංක 37 දරණ ස්ථානයේ පිහිටි ආශා සෙන්ට්‍රල් රෝහල ඇති ඉඩම හා එහි ඉදිකිරීම් විකිණීම හා පැවරීම සඳහා සමාගම විසින් ගිවිසුමකට එළඹ තිබේ.

    සමාගම පවසන්නේ මෙම ගිවිසුම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවත් මෙම දේපොළ අලෙවි කරන්නේ රුපියල් බිලියන 2.6 කට බවයි.

    මෙහිදී, මෙම දේපොළ මිලදී ගන්නා විසින් දේපොළ පිළිබඳව නිසි සම්ප්‍රජන්‍යතාවයක් (due diligence) සිදුකර ගනුදෙනුව අවසන් කිරීමට එකඟවී ඇතැයි ආසිරි සෙන්ට්‍රල් හොස්පිට්ල්ස් පී.එල්.සී. සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සමාගම විසින් ආශා සෙන්ට්‍රල් රෝහල නොරිස් කැනල් පාරට ගෙනගිය පසු හෝර්ටන් පෙදෙසේ රෝහල පැවති ස්ථානය ශ්‍රී ලංකා යුධ හමුදාවට කල්බදු ක්‍රමයට ලබාදී තිබුණි.

    හෝර්ටන් පෙදෙසේ ආශා සෙන්ට්‍රල් රෝහලට සමීපයෙන් සෞදි තානාපති කාර්යාලය පිහිටා ඇත.