ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක විශේෂිත ණයක්

    April, 25, 2023

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරන ලද විස්තීර්ණ අරමුදල් පහසුකමට සමගාමීව ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය හා පාලනය ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක ප්‍රතිපත්ති පදනම් කර ගත් විශේෂිත ණය පහසුකමක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක තාක්ෂණික සහාය ආධාර මුදලක් ලබා දීමට එකඟතාව පළ කර ඇත.
    ඒ අනුව, අදාළ ණය මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්ට බලය පැවරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.