ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 350ක්

    May, 29, 2023

    ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා අයවැය සහාය ලබා දීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් අද (29) දින ඩොලර් මිලියන 350 ක විශේෂ ප්‍රතිපත්ති පදනම් කරගත් ණයක් අනුමත කරන ලදී.

    මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකමට සමගාමීව අනුමත කෙරුණු මූල්‍ය පහසුකමක් වේ.

    මෙම මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ADB සභාපති Masatsugu Asakawa මෙලෙස සිය අදහස් දැක්වීය.

    "රටේ පවතින ගැඹුරු අර්බුදය සහ ශ්‍රී ලංකාවේ ජනතාවට, විශේෂයෙන්ම දුප්පතුන්ට සහ අවදානමට ලක්විය හැකි අයට, විශේෂයෙන්ම කාන්තාවන්ට එහි බලපෑම ගැන ADB සැලකිලිමත් වෙනවා. ආර්ථික ස්ථායීකරණය, තිරසාර ප්‍රකෘතිමත් වීම සහ සියල්ලන් ඇතුළත් කර ගැනීම සඳහා වත්මන් අභියෝගවලට මුහුණ දෙන අතර ශ්‍රී ලංකාව සමඟ නැගී සිටීමට ADB කැපවී සිටිනවා."