ආසියාවේ විශිෂ්ටතම රක්ෂණ නියෝජිතවරයා ලෙස සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමේ සජීව පුෂ්පිත 8වන Asia Trusted Life Agents & Advisers Awards හීදී සම්මානයට පාත‍්‍රවේ

    August, 10, 2023

    ශ‍්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් හි කලාපීය සේවා සමූහ කළමණාකරු (Regional Portfolio Manager) සජීව පුෂ්පිත මහතා 8 වැනි Asia Trusted Life Agents & Advisers සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම රක්ෂණ නියෝජිතයා යන සම්මානයෙන් පිදුම් ලබා ඇත.

    අඛණ්ඩව වසර තුනක් මෙම සම්මාන කාණ්ඩයේ අවසන් තරඟකරුවන් 5 දෙනා අතරට පත්වීමෙන් පසුව, ආසියාවේ දක්ෂතම රක්ෂණ නියෝජිතවරුන් අභිබවා මෙවර මෙම සම්මානය දිනාගැනීමට පුෂ්පිත මහතා සමත්විය. ඔහුගේ සුවිශේෂී කැපවීම සහ කාර්යසාධනය නිසාම මෙම සම්මානය හිමි කරගැනීමට හැකිවූ අතර, අවසන් තරගකරුවන් අතරින් ශ‍්‍රී ලාංකීය සමාගමක් නියෝජනය කළ එකම නියෝජිතයා වශයෙන්, ශ‍්‍රී ලංකාවට සහ සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමට ඉමහත් කීර්තියක් ගෙන ඒමට සජීව පුෂ්පිත සමත් විය.

    සිංගප්පූරුවේ Park Royal Collection Marina Bay හිදී පවත්වන ලද Asia Trusted Life Agents & Advisors සම්මාන උළෙල, ස්වාධීන විනිශ්චය කිරීමේ ක‍්‍රියාවලියක් මගින් ආසියාවේ හොඳම මූල්‍ය උපදේශන වෘත්තිකයින්ව සම්මානයට පාත‍්‍ර කරන, කලාපයේ වඩාත්ම ගෞරවනීය සහ විශ්වාසනීයම සම්මාන උළෙලක්  ලෙස ප‍්‍රචලිතව ඇත. Asia Insurance Review, Asia Advisors Network සහ LIMRA විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලද මෙම වසරේ තරඟය සඳහා ආසියාව පුරා වෙළදපොල 14කින් සහ විවිධ සමාගම් 38කින් අවසන් තරඟකරුවන් 77ක් සහභාගී විය.

    8 වැනි Asia Trusted Life Agents & Advisers සම්මාන උළෙලේදී පුෂ්පිත මහතා ලැබූ ජයග‍්‍රහණය, වෘත්තීයභාවයේ ඉහළම ප‍්‍රමිතීන් කරා ළඟා වීමේ දැඩි අධිෂ්ඨානය සමඟින් තම ගනුදෙනුකරුවන්ට සුවිශේෂී සේවාවක් ලබාදීමට ඔහු දක්වන නොසැලෙන කැපවීම පිළිබඳ සාක්ෂියකි. ක්ෂේත‍්‍රයේ වසර 19කට වැඩි පළපුරුද්දක් ඇති ඔහු ‘‘වසරේ රක්ෂණ නියෝජිතයා” කාණ්ඩය සඳහා නිර්දේශ වූ එකම ශ‍්‍රී ලාංකිකයා ලෙසත්, අඛණ්ඩව වසර හයක්,  MDRT TOT (Top of The Table)  සුදුසුකම ලබා ගත් එකම අවසන් තරඟකරුවා ලෙසත් කැපී පෙනේ.

    සොෆ්ට්ලොජික් ලයිෆ් හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා පුෂ්පිත මහතාගේ විශිෂ්ට ජයග‍්‍රහණය පිළිබඳව සිය ආඩම්බරය ප‍්‍රකාශ කළේ, ”ගෞරවනීය Asia Trusted Life Agents & Advisors සම්මාන උළෙලේදී සජීවගේ ජයග‍්‍රහණය සහ පිළිගැනීම අපට ඉමහත් ප‍්‍රීතියක් ගෙන දෙනවා. සමාගමක් ලෙස Softlogic Life, දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ විශිෂ්ටයා වීමේ අරමුණින් කටයුතු කරන අතර, සජීවගේ ජයග‍්‍රහණය අපව ආසියාවේ ප‍්‍රබලතම රක්ෂණ සමාගම් අතරට ගෙන ගොස් තිබෙනවා. Asia Insurance Review ප‍්‍රකාශ කරන පරිදි රක්ෂණ උපදේශකයින්, ඔවුන්ගේ සමාගම් නියෝජනය කරන තානාපතිවරුන් වන අතර, ගෝලීය අභියෝගවලින් පිරුණු වර්තමාන ලෝකයේ, රක්ෂණයේ ඇති වැදගත්කම ප‍්‍රවර්ධනය කිරීම සඳහා මිල කළ නොහැකි කාර්යභාරයක් සිදුකරයි. එබැවින් මෙම සම්මානය සජීවගේ කැපවීම, නොපසුබට උත්සාහය සහ ධෛර්යය සඳහා වූ ඉතා වැදගත් ඇගයීමකි. ඔහුගේ නොසැලෙන කැපවීම සැබවින්ම ආදර්ශමත් වන අතර, ඔහු නුදුරේදීම ශ‍්‍රී ලංකාවට තවත් කීර්තියක් ගෙන එනු දැකීමට අපි බලාපොරොත්තු වෙනවා.”

    සජීව පුෂ්පිත, සිය වෘත්තීය ජීවිතය පුරාවට MDRT ^Million Dollar Round Table& හි ක‍්‍රියාකාරී සාමාජිකයෙකු වී ඇති අතර, IQA ^International Quality Award& ප්ලැටිනම් සම්මාන හතක් සමඟින් MDRT COT (Court of the Table) සම්මාන දෙකක් ජයග‍්‍රහණය කර ඇති අතර, MDRT යාවජීව සාමාජිකත්වය (MDRT Life Membership) ලබාගෙන ඇත. ඔහුගේ ජයග‍්‍රහණ අතර Softlogic Life හි වාර්ෂික සම්මාන උළෙලේ ඉහළම පිළිගැනීම් කිහිපයක් සහ LIMRA වෙතින් අඛණ්ඩව වසර හතක් සඳහා ජාත්‍යන්තර තත්ව සම්මානය ලබා ගැනීමේ ගෞරවයද ඇතුළත් වේ.

    සොෆ්ට්ලොජික් ලයිෆ් හි නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිලධාරී ,ඉන්දු ආටිගල ප‍්‍රකාශ කළේ, ”මෙම සුවිශේෂී සන්ධිස්ථානය සාක්ෂාත් කර ගැනීම ගැන මම සජීවට මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමනවා. විශිෂ්ටත්වය සඳහා ඔහුගේ අඛණ්ඩ කැපවීම නිසාම, අප සමාගමට ඔහු සැබෑ සම්පතක්. මෙම ජයග‍්‍රහණය අපගේ කණ්ඩායමේ සාමාජිකයින්ගේ සංවර්ධනය සහ යහපැවැත්ම තහවුරු කරන, අප සමාගමේ මූලික වටිනාකම් සහ වර්ධනය මත පදනම් වූ සංස්කෘතිය නිදර්ශනය කරනවා. වසරේ රක්ෂණ නියෝජිතයා සම්මානය ලබා ගැනීම සජීවගේ සුවිශේෂී ජයග‍්‍රහණ පෙළට තවත් එක් ජයග‍්‍රහණයක් එකතු කිරීමක් වන අතර, අප ඔහුගේ අනාගතය වෙනුවෙන් සුභාසිංශන ගෙන එනවා.”

    සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී යනු සොෆ්ට්ලොජික් කැපිටල් පී එල් සීහි අනුබද්ධිත ආයතනයක් වන අතර එය සෞඛ්‍ය, වෙළෙද, තොරතුරු හා සන්නිවේදන, සංචාරක, රථ වාහන හා මූල්‍ය සේවා යන අංශයන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ශ‍්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ සහ සීඝ‍්‍රයෙන් වර්ධනය වන සමාගමක් ලෙස පිළිගනු ලබයි. සමාගම සතු සැලකිය යුතු පාර්ශවකරුවන් අතර ගෝලීය ආයෝජකයින් වන Leapfrog Investments ද ඇතුළත් වේ.