ඇති තරම් විනෝද වෙන්න, “tour de citrus“ සමග එක්වන්න

    October, 15, 2014

    වස්කඩුව ප්‍රදේශයේ පාපැදිකරුවන් මුහුණ දෙන අනතුරු අවම කර ගැනීමේ අරමුණෙන් ඔවුන්ගේ පා පැදි වලට අලෝක පරාවර්තක (reflecting lights) ප්‍රදානය කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් සිට්‍රස් වස්කඩුව හෝටලය විසින් දියත් කරයි.

    මේ වෙනුවෙන් පැවැත්වෙන “ටුවර් ඩි සිට්‍රස්“ පාපැදි සවාරිය ඔක්තෝම්බර් 18 වනදා උදෑසන 6.30 කොළඹ ලිබර්ටි ප්ලාසා ආර්කේඩ් අසලින් ආරම්භ වී වස්කඩුව සිට්‍රස් හෝටලයට පැමිණීමට කටයුතු යොදා තිබෙන අතර ඒ සඳහා ඔබටත් සහභාගී විය හැකියි.

    මේ සඳහා ඔබගේ පාපැදිය සමග පැමිණෙන ලෙසත් මුලින්ම ලියාපදිංචි වන 50 දෙනා වෙනුවෙන් සිට්‍රස් වස්කඩුව හෝටලයේදී නොමිලේ දිවා ආහාරය පිරිනමන බවත් සංවිධායක මණ්ඩලය සඳහන් කරයි.

    මීට අමතරව, රුපියල් 2500 ක ටිකට් පතක් මිලදී ගනිමින් මෙම සවාරියට සහභාගී වන අය සඳහා දිවා ආහාරය ඇතුළුව වට්ටම් සහිතව පහසුකම් සැපයීමට කටයුතු යොදා ඇත.

    වස්කඩුවේ සිට සිය පාපැදි නැවත රැගෙන ඒම සඳහා මෙම සවාරිය සඳහා සහභාගී වන්නන් සඳහා පහසුකම් සපයා තිබේ.

    ඒ වෙනුවෙන් සකස් කළ පූර්ව ප්‍රචාරක පතක් පහත දැක්වේ.
    Tour_De_Citrus