ඇමතිවරුන්ට හිතූ මනාපයට උපදේශකවරුන් පත් කරන්න බැහැ – සම කැබිනට් ප්‍රකාශක

    September, 29, 2020

    අමාත්‍යවරුන් හට තම අභිමතය පරිදි උපදේශකවරුන් පත් කර ගත නොහැකි බවත්, ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිර්ණායක 3ක් හඳුන්වා දී ඇති බවත්, සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. අද (29) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,

    “අමාත්‍යවරුන්ට හිතූ මනාපයට තමන්ට අවශ්‍ය උපදේශකවරුන් පත්කර ගැනීමට තිබුණු අවස්ථාව අවුරුවාලමින් ජනාධිපතිතුමා විසින් නිර්ණායක තුනක් හඳුන්වා දී තිබෙනවා.“

    1. ඔහු/ ඇය එම විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් විය යුතුයි.

    2. ආණ්ඩුවේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් හෝ ඊට ඉහළ තනතුරක් දරන හෝ දරපු පුද්ගලයෙක් විය යුතුයි.

    3. පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරක් දරපු පුද්ගලයෙක් විය යුතුයි.

    “එම නිර්ණායක තුනෙන් එකකට අයත් වන පුද්ගලයෙකුට පමණයි අමාත්‍යවරයෙකුට තමන්ගේ උපදේශකවරයෙකු ලෙස පත් කර ගන්නට අවස්ථාව තිබෙන්නේ.“