ඇමරිකානු තානාපති කාර්යාලය අප්‍රේල් 26 දක්වා වැසෙයි

    April, 24, 2019

    ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ සියලු ඇමරිකානු පියස් අප්‍රේල් 26 දින දක්වා මහජනයා සඳහා වසා තබනු ලබන බව මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය දැනුම් දී සිටී.

    එසේම හදිසි ඇමරිකානු පුරවැසි සේවා ක්‍රියාත්මක වන බවත් හදිසි නිවේදන පිළිබද අවධානයෙන් සිටින ලෙස හා සංචාරක උපදේශනය නොවෙනස්ව පවතින බවත් එක්සත් ජනපද තානාපති කාර්යාලය මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.