ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට වෙන්ටිලේටර් යන්ත්‍ර 200ක්

    September, 3, 2020

    COVID-19 වෛරසයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙනයන සටනට සහයෝගය පළකරමින් ඒ සඳහා අත්‍යාවශ්‍ය සැපයුම් ලබාදීම සඳහා ඩොනල්ට් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්වීම ප්‍රකාරව එක්සත් ජනපද රජය, ජාත්‍යන්තර සංවර්ධණය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) හරහා අළුත්ම සහ නවීනතම පන්නයේ කෘතිම ස්වසන ආධාරක නොහොත් වෙන්ටිලේටර් යන්ත්‍ර 200 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ. ශ්‍රී ලංකාවේ හා මාලදිවයින් හි ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් මහත්මිය විසින් මෙම වෙන්ටිලේටර් යන්ත්‍ර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍ය පවිතා වන්නිආරච්චි මහත්මිය වෙත භාර දෙන ලදී.

    එක්සත් ජනපදටෙය් නිපදවන ලද මෙම වෙන්ටිලේටර් යන්ත්‍ර, නවීනතම තාක්ෂණයෙන් සමන්විත බවත්, ප්‍රමාණයෙන් සංයුක්ක මෙම මෙම යන්ත්‍ර, පහසුවෙන් යොදා ගත හැකි අතර වෛරසයෙන් බලපෑමට ලක්වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී නම්‍යශීලී අන්දමින් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව සලසනු ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය කියා සිටී.