ඇමරිකාවේ පිහිටෙන් රත්‍රන් මිල නගී

    April, 6, 2014

    ඇමරිකාව විසින් මාර්තු මාසයේදී බලාපොරොත්තු වූවාට වඩා රැකියා උත්පාදනය කිරීමට සමත්ව ඇතැයි අනාවරණය වීමත් සමග ලෝක වෙළඳ පොළේ රත්‍රන් මිල ඉහළ ගොස් තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රත්‍රන් අවුන්සයක මිල ඩොලර් 18.90 කින් හෙවත් සියයට 15 කින් ඉහළ ගොස් රත්‍රන් අවුන්සයක මිල ඩොලර් 1303.50 ක්වී තිබෙන බවයි.

    මාර්තු 25 වනදායින් පසුව ලෝක වෙළඳ පොළේ වාර්තාවන ඉහළම රත්‍රන් මිල මෙයයි.

    ඇමරිකාව විසින් සඳහන් කළේ මාර්තු මාසයේදී එරට විසින් රැකියා 192,000 ක් උත්පාදනය කිරීමට සමත්වූ බවයි.