August, 16, 2018
මෙරට ඇලූමීනියම් හැඩගැස්වීමේ නිෂ්පාදක ඇලූමෙක්ස් පසුගියදා මෙරට ප‍්‍රථම පූර්ණ ස්වයංක‍්‍රීය ඇලූමීනියම් හැඩගැස්වීමේ කම්හල සහ පේටන්ට් බලපත‍්‍ර සහිත SAT Travisan CUBE තාක්ෂණය සඳහා දකුණු ආසියාවේ ප‍්‍රථම සිරස් පවුඩර් ආලේපන පහසුකම ජා ඇල ඒකලදී විවෘත කරන ලදී. මිනුවන්ගොඩ පාරේ අංක 138/4 දරන ස්ථානයේ පිහිටා ඇති ශ‍්‍රී ලංකා රුපියල් බිලියන 2ක දැවැන්ත ව්‍යාපෘතියක් වන මෙය පරිමාණය සහ නිෂ්පාදනය අතින් නිල වශයෙන් ඇලූමෙක්ස් PLC ශ‍්‍රී ලංකාවේ විශාලතම ඇලූමීනියම් හැඩගැස්වීමේ නිෂ්පාදකයා බවට පත් කරයි. හේලීස් PLC හි අනුබද්ධ ආයතනයක් වන ඇලූමෙක්ස්, මෙම නව කම්හල මගින් මසකට ඇලූමීනියම් හැඩගැස්වීමේ සහ පවුඩර් ආලේපනය කිරීමේ ටොන් 1000ක ධාරිතාවක් සපුරාලීම තහවුරු කිරීම සඳහා පුද්ගලයන් 185කට අධික සංඛ්‍යාවක් සේවයේ යෙදවීමට අපේක්ෂා කරයි.
”මෙම සුවිශේෂී මෙහෙයුම අපේ ධාරිතාව සහ ප‍්‍රමිතිය ඉහළ නංවමින් අපට දකුණු ආසියාවේ ජාත්‍යන්තර තලයේ ඇලූමීනියම් පද්ධති හැඩගැස්වීමේ බලාගාරයක් බවට පත්වීම සඳහා අවශ්‍ය වේදිකාවක් නිර්මාණය කර දෙනවා.” මේ පිළිබඳව තම අදහස් දක්වමින් ඇලූමෙක්ස් PLC සහ හේලීස් PLC සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා පැවසීය. ”මෙම පහසුකම් දෙක මගින් අපට ජගත් තලයේ නිපැයුම් නිෂ්පාදනය කිරීමට සේම ඇලූමීනියම් පද්ධති හා ආකෘති මෙරටට ආනයනය කිරීම අවම කිරීම තුළින් ශ‍්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් ඉතිරි කරගැනීමේ අවස්ථාවද සලසනු ලබනවා.” ඔහු වැඩි දුරටත් සදඟන් කළේය.
මෙය ශ‍්‍රී ලංකාවේ විශාලතම ඇලූමීනියම් හැඩගැස්වීමේ කම්හල වේ. කම්හලේ නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගනු ලබන්නේ ඉතාලියේ නිෂ්පාදිත Presezzi 23 meganewton හැඩගැස්වීමේ යන්ත‍්‍ර පද්ධතිය වර්තමානයේ වෙළඳ පොල තුළ පවතින සෙසු යන්ත‍්‍ර පද්ධති සමග සසඳන කල නිෂ්පාදන කටයුතු සඳහා වැය වනනේ ඉතා අවම බලශක්ති ප‍්‍රමාණයකි. නිෂ්පාදනය සඳහා ස්වයංක‍්‍රීය උපකරණ යොදා ගැනීම මෙන්ම ඒ සඳහා අධෝරක්ත කිරණ හා බ්ලූ ටූත් තාක්ෂණයන් යොදා ගැනීම තුළින්ද ඇලූමෙක්ස් විශාල ප‍්‍රතිලාභයක් අත් කරගැනීමට සමත්ව සිටී.
මෙම පවුඩර් ආලේපන කම්හල ආර්ථික මෙහෙයුම සඳහා මෙන්ම ඉහළම කාර්යක්ෂමතාවයක් ලබාදීම සඳහාද අතිශයින් වැඩි දියුණු කරන ලද ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර පද්ධතියකින් සමන්විත වේ. 100%ක ප‍්‍රතිප‍්‍රාප්තියක් සහිත අංග සම්පූර්ණ පවුඩර් ආලේපන කාර්යාවලියේදී කිසිදු අපතේ යාමක් සිදු නොවන බැවින් නිෂ්පාදන පිරිවැයද සැලකිය යුතු අන්දමින් අවම කරගැනීමට හැකිවීමද විශේෂත්වයකි. එසේම සමාගම ‘අන්තර්ජාලය ඔස්සේ දෝෂ දුරු කරගැනීමේ පහසුකමක් ’ සමගින් විශිෂ්ට මෙහෙයුම් කාර්යාවලියකට අවතීර්ණය වීමටද සමත්ව සිටී.
”මෙය ලෝකයේ මෙම කලාපයේ වඩාත් දියුණු ඇලූමීනියම් හැඩගැස්වීමේ හා පවුඩර් අලේපනය කිරීමේ පහසුකමයි.” මේ පිලිබඳව තම අදහස් දැක්වූ ඇලූමෙක්ස් PLC කළමනාකාර අධ්‍යක්ෂ ප‍්‍රමුක් දැදිවල මහතා පැවසීයග ”මෙම නිෂ්පාදන පහසුකම් දෙක සමගින් ඇලූමෙක්ස් මෙරට වඩාත් ඉදිරියෙන් සිටින ඇලූමීනියම් හැඩගැස්වීමේ සැපයුම්කරු බවට පත්වන අතර අපට ඇලූමෙක්ස් පරිසර පද්ධතිය යටතේ විදෙස් වෙළඳ පොලවල් සමග තරග වදිමින් ජාත්‍යන්තර තලයට පැමිණෙන්නට සහ දේශීය ඇලූමීනියම් සැකසුම්කරුවන් සහ කොන්ත‍්‍රාත්කරුවන් බල ගන්වමින් අපේ පිය සටහන් දකුණු ආසියානු කලාපයේ තබන්නට මේ මගින් හැකියාව උදාවෙනවාත” ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
මෙම කම්හල සුවිශේෂී වන්නේ අප ජලය ඉතා අවම වීම සහ බැහැර කෙරෙන ජලයද පරිසරයට අංශු මාත‍්‍රයකින් හෝ බලපෑමක් සිදු නොවන ලෙස සම්පූර්ණයෙන්ම පිරිපහදුවට ලක් කෙරෙන බැවිනි. නිෂ්පාදන කටයුතු වලදී මිශ‍්‍රණයන් සඳහා යොදා ගනු ලබන පරිසර හිතකාමී ක්‍රෝම් රහිත රසායනික ද්‍රව්‍යය නිසා ඇලූමෙක්ස් නිෂ්පාදන ජලය කාන්දුවීම, වාතය විනිවිද යාම, සුලං පීඩනය සහ ශබ්ද වලට ඔරොත්තු දෙමින් වසර 30 කාලයක් දක්වා මනා පැවැත්මක් සහිත බව පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ.
Video Story