ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඞ් අභිමානවත් 15 වන සංවත්සරය සමරයි

    June, 25, 2018

    දිවයින පුරා ශාඛා පිහිටි ප‍්‍රදේශවල පාසල් ආවරණය වන පරිදි රුක්රෝපණ වැඩසටහනක් පවත්වමින් ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඞ් ජුනි මස 05 වන දින සිය 15 වන සංවත්සරය සැමරුවේය. ඒ නිමිත්තෙන් වූ ප‍්‍රධාන සැමරුම් උළෙල බත්තරමුල්ලේ පිහිටි ඇසට්ලයින් ප‍්‍රධාන කාර්යාලය තුළ පවත්වන ලද අතර පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම ගුරුවරුන්ද රුක්රෝපණ ව්‍යාපාරයට දායකත්වය සපයන ලදී.

    වසර 15ක් මුළුල්ලේ පාරිභෝගික ජනතාවට කඩිනම් සහ පහසු ලීසිං පහසුකම් ලබා දෙමින් ජනාදරයට පත්වූ ඇසට්ලයින් ලීසිං 2003 වසරේදී ආරම්භ කරන ලදී. ඒ එවකට ඞී පී එම් සී ෆයිනෑන්ෂල් සර්විසස් (ප‍්‍රයිවට්* ලිමිටඞ් ලෙස පැවැති ආයතනය ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඞ් ලෙසට නව්‍යකරණය වෙමින් කොළඹ සහ මහනුවර ප‍්‍රදේශවල මෙහෙයුම් කටයුතු දියත් කරමිනි.

    ඬේවිඞ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු වන ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඞ් හැම විටම ජාතියේ මූල්‍ය පහසුකම් සපයන්නා වීමේ අරමුණ සාක්ෂාත් කරනු වස් තම පාරිභෝගිකයන්ට සහ පාර්ශ්වකරුවන්ට අනගිභවනීය මෙන්ම වඩාත් ක‍්‍රියාශීලී මූල්‍ය පහසුකම් ලබා දීමට ඇප කැප වී ඇත. ඒ බව පසුගිය වසර 15 පුරාවට ඇති ජනතා ප‍්‍රතිචාර අනුව තව තවත් තහවුරු වේ.

    අද වන විට ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඞ් දිවයින පුරා පිහිටි ශාඛා 52කින් යුතු ශක්තිමක් ජාලයකින් යුක්ත වේ. එසේම එම ශාඛා ජාලය හරහා ජනතාවට වඩාත් සමීපතම මූල්‍ය පහසුකම් පසයන්නා පමණක් නොව ලීසිං ඇතුළු විවිධ ණය යෝජනා ක‍්‍රම ඔස්සේ මහජනතාවගේ ජීවන තත්ත්වයේ නගා සිටුවීමේ මහ`ගු කටයුත්තටද උර දී කටයුතු කරමින් සිටින බව නොරහසකි.

    ශ‍්‍රී ලංකා මහ බැංකුවේ විශේෂ බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමක් ලෙසින් ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඞ් පසුගිය වසර 15 පුරාවටම ශක්තිමත් මූල්‍ය ආචාර ධර්ම පද්ධතියක් අනුගමනය කරමින් එහි සෑම ගනුදෙනුවකම පාරදෘශ්‍යභාවය තහවුරු කිරීමට සමත් වී ඇත. ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිිමිටඞ්හි මනා පළපුරුදු කාර්ය මණ්ඩලයට තම අවංක, වෘත්තීයමය, පාරිභෝගිකයන් වෙනුවෙන්ම කැපවූ, කඩිනම් සහ සුහඳශීලී සේවය නවීන තාක්ෂණයද කැටි කොට පාරිභෝගික පහසුව සඳහාම ලබා දෙන්නට හැකි වී තිබේ.

    අභිනවයෙන්ම හඳුන්වා දී ඇති හයිබි‍්‍රඞ් සහ ඉලෙක්ටි‍්‍රක් වාහන ලීසිං ඇතුළුව සියලූම ආකාරයේ වාහන ලීසිං පහසුකම් ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඞ් සේවා අතර ප‍්‍රමුඛවේ. එසේම එහි ණය අංශය විසින් පුද්ගලික ණය මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත‍්‍රයේ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට ණය ලබා දීමේ සිට පුළුල් ක්ෂේත‍්‍රයක විහිදුණු ණය යෝජනා ක‍්‍රම පසුගිය වසර 15 මුළුල්ලේම ක‍්‍රියාත්මක කර ඇති අතර එයින් ප‍්‍රතිලාභ ලැබූවන් දිවයින පුරා ඇසට්ලයින් ලීසිං සමාගමට තම කෘතඥතාව පුද කර සිටී. ඒ අනුව වැඩ මූල්‍ය අවශ්‍යතා, අමතර කොටස් සහ නියෝජිතයන් වීමේදී අවශ්‍ය කරන මූල්‍ය පහසුකම් මෙන්ම ෆැක්ටරින් පහසුකම්ද ඇසට්ලයින් ලීසිං පාරිභෝගික සේවා අතර වේ. තවද තම විවාහ මංගල උත්සවය සඳහා, තම අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම ගෙදර දොර උපකරණ මිලදී ගැනීම ආදී පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන්ම කැපවුණු ඇසට්ලයින් පුද්ගලික ණය ඉතාමත් පහසුවෙන් පාරිභෝගික අවශ්‍යතාවට මුල් තැන දෙමින් ලබා ගත හැකි පරිදි සැළසුම් කර ඇත.

    මෙරට වගකිව යුතු මූල්‍ය ආයතනයක් ලෙස ඇසට්ලයින් ලීසිං සමාගම තම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් ඉටු කිරීමට පමණක් නොව සමාජ වගකීමට උර දීමටද හැම විටම කටයුතු කරයි. දිවයින පුරා සමාජ ආර්ථික කටයතුවලට සැලකිය යුතු දායකත්වයක් දැක්වීමට පසුගිය වසර 15 තුළ ඇසට්ලයින් ලීසිං සමාගම කටයුතු කර ඇත.

    විශේෂ බලපත‍්‍රලාභී මූල්‍ය සමාගම් අතර පෙරමුණේම කටයුතු කරන එක් මූල්‍ය ආයතනයක් වන ඇසට්ලයින් ලීසිං තව දුරටත් පාරිභෝගියාට සියලූම ආකාරයේ මූල්‍ය අවශ්‍යතා පසුරන්නා වෙමින් එහි නිෂ්පාදන සහ සේවා තව දුරටත් පුළුල් වෙමින් ආඩම්බරයෙන් යුතුව 15 වන සංවත්සරය සමරන අතර පෙරටත් වඩා ව්‍යාප්ත වූ පාරිභෝගික ජාලයකගේ අවශ්‍යතා පසුරාලීමට තව දුරටත් කැප වනු ඇත.

     

    ඇසට්ලයින් ලීසිං 15 වන සංවත්සරය සමරමින් එහි අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා විසින් පැළයක් රෝපණය කළ අයුරු


    ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඞ්හි ප‍්‍රධාන විධායක නිළධාරී නරේෂ් තිලකරත්න මහතා විසින් 15 වන සංවත්සරයේදී පැළයක් රෝපණය කළ අයුරු