ඇෆ්ගනිස්තානය හා ශ‍්‍රී ලංකාව අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමට සූදානම්

    August, 28, 2016

    ඇෆ්ගනිස්ථාන කම්කරු සමාජ සබන්ධතා අමාත්‍ය නස්රින් මර්යාක්හිල් මහත්මිය හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සමඟ පසුගියදා කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවති සාකච්ඡාවේදී දෙරට අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ජාවට ලක් විය.

    දෙරටේ විගමණික ශ‍්‍රමිකයින්ට පැන නගින ගැටලු සම්බන්ධයෙන් කොළඹ කි‍්‍රයාදාමය තුළින් හොඳ විසඳුම් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.

    මෙහිදී ඇෆ්ගනිස්ථාන කම්කරු අමාත්‍යවරිය විසින් කොළඹ කි‍්‍රයාදාමයේ සභාපතිනිය ලෙස සිදු කරන වැඩකටයුතු පිළිබඳ ප‍්‍රසංසා කළ අතර ඉදිරියේදී දෙරට අතර සහයෝගය වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළාය.