ඉකෝ ස්පින්ඩ්ල්ස් ගෝලීය ප‍්‍රතිචක‍්‍රීයකරණ දිනය නිමිත්තෙන් ශ‍්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ ප‍්‍රයත්නයන් තව තවත් සකී‍්‍රය කරයි

    March, 23, 2022

    2022 ගෝලීය ප‍්‍රතිචක‍්‍රීයකරණ දිනය සනිටුහන් කරමින් ප්ලාස්ටික් බෝතල් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛයා වන BPPL Holdings PLC හි අනුබද්ධිත Eco Spindles (Pvt) Ltd, එහි ඉවතලන ද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ ස්ථාන (Material Recycling Facility) තවදුරටත් ව්‍යාප්ත කිරීම වඩාත් වේගවත් කරන බව නිවේදනය කළේය.

    ඉකෝ ස්පින්ඞ්ල්ස් එහි ව්‍යාපෘති හවුල්කරු Coca-Cola Beverages Sri Lanka සමඟ එක්ව ප‍්‍රාදේශීය අපද්‍රව්‍ය එකතු කිරීමේ ජාල සහ පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට් (PET) බෝතල් එකතු කිරීමේ ක‍්‍රියාවලීන් සංවර්ධනය කිරීමට සහ ශක්තිමත් කිරීමට උපකාර කිරීම සඳහා ඇලූමිනියම්, වීදුරු, කඩදාසි සහ වෙනත් ආකාරයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වැනි ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි අපද්‍රව්‍ය එකතු කිරීමට මෙම පහසුකම හඳුන්වා දෙන ලදී.

    මෙම පහසුකම් ඇති කරන ලද කලාපවල එකතු කිරීමේ සහ ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ අනුපාත ඉහළ නැංවීම මෙහි අරමුණයි. සමාගම 2024 අවසන් වන විට එක් දිස්ත‍්‍රික්කයකට MRF එකක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන අතර පාසල්, පළාත් පාලන ආයතන, අපද්‍රව්‍ය එකතු කරන්නන්, ස්වේච්ඡා සේවකයන් සහ වෙරළබඩ ප‍්‍රජාවන් සමඟ හවුල්කාරීත්වයෙන් ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි අපද්‍රව්‍ය එකතු කිරීම වඩාත් සකී‍්‍රය කරනු ඇත.

    2021 සහ 2022 අතර කාලපරිච්ෙඡ්දයේ PET බෝතල් මිලියන 62 ක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කරමින් ශ‍්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ අංශය නංවාලීමට සහ ශක්තිමත් කිරීමට සමාගම පසුගිය වසර පුරා සැලකිය යුතු උත්සාහයක් ගෙන ඇත. ඉකෝ ස්පින්ඞ්ල්ස් ආරම්භයේ සිට PET බෝතල් මිලියන 452 ක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කර ඇත.

    මෙම ක‍්‍රමෝපාය පිළිබඳව අදහස් දක්වමින් Eco Spindles Recycling හි ප‍්‍රධාන විධායක නිලධාරී මනෝජ් උඩවත්ත මහතා ප‍්‍රකාශ කළේ ”MRF විසින් මෙම ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි අපද්‍රව්‍ය එකතු කිරීමට සහ එකතු කරන්නන්ට මුදල් ගෙවීමට වාහන ඔවුන් ළගටම එවනවා. එකතු කරන ලද ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි අපද්‍රව්‍ය පසුව මෙම පහසුකම වෙත ගෙන යන අතර එහිදී PET ප්ලාස්ටික් වෙන් කර, තලා, කැබලි කරනවා. මෙම ක‍්‍රියාවලියෙන් පසුව ඉකෝ ස්පින්ඞ්ල්ස් හට මෙම ප්ලාස්ටික් ලබාගත හැකි අතර අපි මෙය ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද පොලියෙස්ටර් නූල් සහ බුරුසු සහ කොසු වල භාවිතා කරන මොනො ෆිලමන්ට් වැනි අගය එකතු කළ නිෂ්පාදන බවට පත් කරනවා. මීට අමතරව එකතු කරන ලද අනෙකුත් අපද්‍රව්‍ය වීදුරු බෝතල්, ඇලූමිනියම් නිස්සාරණය සහ කඩදාසි අනෙකුත් නිෂ්පාදකයින්ට විකුණනු ලැබෙනවා.” යනුවෙනි.

    ”අපි මුලින් අපේ MRF යාන්ත‍්‍රනය ආරම්භ කරන විට ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ ස්ථාන 70 ක් පමණ තිබූ අතර දැන් 220 ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. අපි එක් එක් MRF වටා පාරිභෝගික ප්ලාස්ටික් සහ අනෙකුත් ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි අපද්‍රව්‍ය ඉවත දැමීම සඳහා බඳුන් සහ බෑග් ජාලයක් ඇතුළත් එකතු කිරීමේ ස්ථාන 400 ක් උපායශීලීව ස්ථාපිත කරනවා.” ඔහු තවදුරටත් පැවසුවේය.

    මේ වන විට රත්නපුර, මීගමුව සහ පානදුර යන ප‍්‍රදේශවල MRF තුනක් පවතින අතර තවත් එකක් මාතර ප‍්‍රදේශයේ සංවර්ධනය වෙමින් පවතී. 2022/23 දී ගාල්ල, අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, ගම්පහ සහ ත‍්‍රිකුණාමලය ආදී වශයෙන් රට පුරා තවත් MRF හයක් එක් කිරීමට සමාගම සැලසුම් කරයි.

    මීට අමතරව සමාගම ‘Waste 2 Value’ යෙදවුම හරහා නිසි ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක‍්‍රම පිළිබඳව දැනුවත් කරයි. ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා බස්නාහිර පළාත වටා බඳුන් 447 ක් තබා ඇති අතර ඒවා යෙදවුම හරහා සොයාගත හැකිය. බස්නාහිර පළාතේ පමණක් මෙම අගය 700 දක්වා ඉහළ නැංවීම සමාගමේ අරමුණයි. අනුරාධපුරය, ගාල්ල, මාතර වැනි අනෙකුත් ප‍්‍රදේශවල කුණු බඳුන් 100කට වඩා තිබෙනවා. සමාගම මෙම අගය 300 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරයි. එවිට 2022 අවසන් වන විට 1,000කට වඩා වැඩි ප‍්‍රමාණයක් නියමිත ස්ථානවල තිබෙනු ඇත.

    ”අපගේ ආර්ථිකයේ අභියෝගාත්මක තත්වයක තිබියදීත්, අපි ඉදිරියට ගොස් අපගේ මෙහෙයුම් සහ ව්‍යාප්ති සැලසුම් සාර්ථක බව සහතික කර ඇති බව මම ආඩම්බරයෙන් පැවසීමට කැමතියි. ශක්තිමත් චක‍්‍රීය ආර්ථිකයක් සහ හරිත සමාජයක් කරා අපගේ තිරසාර භාවිතයන් ඉදිරියට ගෙන යාමට අපි අපේක්ෂා කරනවා.” යනුවෙන් BPPL Holdings PLC කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී, ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා අදහස් දැක්වුවේය. ”වසංගතය සහ රැකියා අහිමි වීමත් සමඟ ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි අපද්‍රව්‍ය එකතු කිරීම හරහා අඩු ආදායම්ලාභී ප‍්‍රජාවන්ට වැටුප් උපයා ගැනීමට අපි අවස්ථා ලබා දෙනවා. අපගේ එකතු කරන්නන්ට ඔවුන්ගේ උත්සාහයන් වෙනුවෙන් දිරිගැන්වීම් සහ විවිධ සහනාධාර ලබා දෙනවා.”

    ඉකෝ ස්පින්ඞ්ල්ස් ආයතනය ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි අපද්‍රව්‍ය හඳුනා ගැනීම සහ වගකීමෙන් යුතුව බැහැර කිරීම පිළිබඳව මෙන්ම පාසල් සිසුන්ව යොමු කිරීමට සහ දැනුවත් කිරීමට දරණ උත්සාහයන් සම්බන්ධයෙන් ද ප‍්‍රසිද්ධය. උදාහරණයක් ලෙස, රත්නපුරයේ එහි MRF හවුල්කරු වන Ceylon Emerald Way රත්නපුර දිස්ත‍්‍රික්කයේ පමණක් නිසි ලෙස අපද්‍රව්‍ය ප්ලාස්ටික් බැහැර කිරීම පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා පාසල් 100 කට අධික සංඛ්‍යාවක් ඉලක්ක කර ඇති අතර අපද්‍රව්‍ය ප්ලාස්ටික් බැහැර කිරීමේ බෑග් සහ බඳුන් ලබාදීමට ද කටයුතු කරමින් සිටියි.

    ඉකෝ ස්පින්ඞ්ල්ස් ඔවුන්ගේ මූලික ව්‍යාපාරික පරමාර්ථය වන තිරසාරත්වය දිරිමත් කිරීමට සහ පවත්වාගෙන යාමට දරණ නොපසුබස්නා උත්සාහයන් වෙනුවෙන් ගෞරවයට පාත‍්‍ර වී ඇත. ඉකෝ ස්පින්ඞ්ල්ස් යනු 2021 වසරේ තිරසාරත්වය සඳහා වූ වඩාත්ම නවෝත්පාදන විසඳුම කාණ්ඩයේ යහපත් තිරසාරත්වය සඳහා ගෝලීය IFS වෙනසක් සඳහා වූ සම්මානයක් දිනාගත් ආසියාවේ එකම සමාගම වන අතර 2021 දී ගෝලීය ප‍්‍රතිචක‍්‍රීයකරණ දිනය සඳහා වන ගෝලීය ප‍්‍රතිචක‍්‍රීයකරණ පදනම විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර ප‍්‍රතිචක‍්‍රීයකරණ වීරයන්ගේ සම්මාන උළෙලේදී (International Recycling Heroes Awards) හොඳම 10 දෙනා අතරට ද ශ්‍රේණිගත විය. එමෙන්ම සමාගම ලංකා වාණිජ මණ්ඩලය විසින් ප‍්‍රදානය කරන ලද 2021 හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මානය සඳහා අනුශූරතාව ද හිමිවිය.