April, 2, 2018
නව දේශීය ආදායම් පනත අනුව නිවාස හා ඉඩම් විකිණීමේ දී ලැබෙන ප්‍රාග්ධන ලාභ සඳහා බදු අයකිරීමට තීරණය කර තිබේ. මෙය අදාළ ප්‍රාග්ධන ලාභයෙන් 10% ක ප්‍රමාණයකි.
කෙසේ වෙතත් මෙහිදී දේපළක් විකිණීමේ දී අදාළ බදු ගණනය කිරීම සිදුකරනුයේ 2017 සැප්තැම්බර් 30 වන දිනට පැවති වෙළෙඳපොළ වටිනාකම අදාළ කරගනිමින් බව අද දෙරණ කළ විමසීමක දී දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් මෙම ගණනය කිරීම දේශීය ආදායම් කොමසාරිස් වරයා උදාහරණයක් ඇසුරින් පැහැදිලි කළ අයුරු පහතින් නැරඹිය හැකිය.
Video Story