ඉතාලිය ආයෙත් වලේ වැටෙයි

    August, 6, 2014

    පිට පිටම කාර්තු දෙකක් ආර්ථික වර්ධනය පසුබාමින් ඉතාලිය යළි ආර්ථික අවපාතයකට (recession) වැටී තිබෙන බව නවතම දත්ත විසින් අනාවරණය කරන්නේ යැයි බී.බී.සී. ලෝක සේවය වාර්තා කරයි.
    මේ අනුව, මේ වසරේ දෙවන කාර්තුවේදී ඉතාලියේ දළ දේශීය නිෂ්පාදිතය 0.2% කින් පහළ ගොස් තිබේ.
    වසරේ පළමු කාර්තුවේදී එරට දළ දේශීය නිෂ්පාදිතය 0.1% කින් පහළ ගොස් තිබුණි.
    පසුගිය වසර අවසානයේදී ඉතාලිය ආර්ථික අවපාත තත්ත්වයෙන් ගොඩවිත් තිබූ නමුත් අවාසනාවකට යළි මෙසේ වලේ වැටී ඇත.
    ශ්‍රී ලාංකිකයෝ බොහෝ පිරිසක් ඉතාලියේ සේවය කරති.