ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවේ සමාගමක වටිනාකම රු. බිලියන 500 ඉක්මවයි

    November, 5, 2021

    මෙරට ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 500 ක් හෙවත් රු. ට්‍රිලියන භාගයක සීමාව අද (05) දිනයේ දී ඉක්මවා යන ලදී.

    ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන කොමර්ෂල් ලීසිං ආන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටසක ගනුදෙනු මිල රු. 78.40 සීමාව ඉක්මවා යාමත් සමඟම එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය මේ අනුව රු. බිලියන 500 සීමාව අභිබවා ගොස් ඇත.