April, 5, 2022
ඉතිහාසයේ පළමු වරට ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (05) දිනයේ දී රු. 300 සීමාව ඉක්මවා ගොස් තිබේ.
මේ අනුව ශ්රී ලංකා මහ බැංකුවට අනුව අද දින එක්සත් ජජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.23 ක් හා විකුණුම් මිල රු. 303.49 ක් ලෙසින් දක්වා තිබේ.
මේ අතර අද දිනයේ දී මෙරට ප්රධාන බලපත්රලාභී වානිජ බැංකු කිහිපයක්ම එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 310 ක් ලෙසින් දක්වා තිබුණි.
Video Story