ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,500 සීමාව ඉක්මවයි

    September, 25, 2025

    කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකයේ ඉතිහාසයේ පළමු වරට අද (25) දිනයේ දී ඒකක 21,500 සීමාව ඉක්මවා ගියේය. ඒ දිනය තුළ ඒකක 182.61ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්වීමත් සමඟම දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 21,521.06ක් දක්වා ඉහළ යාමත් සමඟිනි.

    මේ අතර S&P SL20 දර්ශකය ද මෙතෙක් ඉතිහාසයේ වාර්තා කරන ලද ඉහළම අගය වාර්තා කරමින් අද (25) දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 6,102.58ක් ලෙසින් වාර්තා විය. අද දිනය තුළ එය ඒකක 21.52ක වර්ධනයක් වාර්තා කර ඇත.

    අද දින රු. බිලියන 9.29ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.

    Video Story

    Stock Market

    Exchange Rates